(අංජුල මහික වීරරත්න)
ත්‍රිපෝෂ නිෂ්පාදනය හා බෙදා හැරීම සාමාන්‍ය පරිදි සිදුකරන අතර දැනට මසකට ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 13 ක් නිෂ්පාදනය කරන බව ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා පැවසීය.
මාසයකට අවශ්‍ය ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීම සඳහා බඩ ඉරිඟු කිලෝ මෙට්‍ර්ටික් ටොන් 15ක් අවශ්‍ය බවද එය දේශීයව සපයා ගැනීමට නොහැකි බැවින් ඉන්දියාවෙන් ආනයනය කිරීමට සිදුවී ඇතැයි සභාපතිවරයා කීය.
දේශීය ගොවීන් බහුතරයක් බඩ ඉරිඟු වගා කලද ඔවුන්ට අවශ්‍ය පසු අස්වනු තාක්ෂණික දැනුම නොමැති කමින් එම අස්වැන්න නිසි ගුණත්වයෙන් වෙළෙඳපොලට ලබා දීමට නොහැකි වී ඇතැයි කී සභාපතිවරයා “ත්‍රිපෝෂ” වලට අමතරව “සුපෝෂ” නමින් නිෂ්පාදනයකුත්, නියුට්‍රිෂන් බාර් නැමති බිස්කට් වර්ගයකුත් නිෂ්පාදනය කර ඇති අතර ඒ සඳහා ජාත්‍යන්තරයෙන්ද පිළිගැනීමක්ද මේ වන විට ලබාගෙන ඇතැයි පැවසීය.
2020 වෙනකොට ත්‍රිපෝෂ සංස්ථාව රජයට අයත් ලාභ ලබන ප්‍රධාන ව්‍යාපාරයක් බවට පත්වූ බවද 2021 දී සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ අධීක්ෂණය වන 100%ක්ම ස්වාධීන ආයතනයක් ලෙස ත්‍රිපෝෂ සමාගම පත් වු බව සභාපති දීප්ති කුලරත්න මහතා පැවසීය.
ත්‍රිපෝෂ පැකට් එකක් නිෂ්පාදනයට යන පිරිවැයට 8%ක ලාභාංශයක් ඇතුව සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දෙන බවද සභාපතිවරයා කීය.
මාසිකව ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 19ක් ලබා දිය යුතු අතර අවශ්‍යතාවය තිබෙන්නේ පැකට් ලක්ෂ 13ක් බවද සභාපතිවරයා සඳහන් කළේය.
අවශ්‍ය බඩඉරිඟු ප්‍රමාණය හරියටම ලැබුණොත් අඛණ්ඩවම දින 20ක් ඇතුලත ලංකාවටම අවශ්‍ය පැකට් ලක්ෂ19 ම නිපදවන්න හැකියාව තිබෙන බවද සභාපතිවරයා සඳහන් කළේය.
රජයේ පවතින පාර්ලිමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ත්‍රිපෝෂ සමාගමේ සභාපතිවරයා මේ බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මසකට ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 13ක් හදයි