
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
දින 5ක් වයසැති බිළිඳිය, ගලේවෙල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුළ දී හොඳම යෙහෙළිය රවටා ඇයට බාර දී පලා ගොස් ඇතැයි ගලේවෙල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය කියයි.
හෝටල් කාමරය තුළ දී බිලිඳියට මවුකිරි දී හදිසි ගමනක් ගොස් එන තෙක් දරුවා හොඳින් බලා ගැනීමට යැයි කියා යෙහෙළිය පිටත්ව ගිය බවත් සවස් වන තෙක් නොපැමිණි බවත් කියමින් විසිතුන් හැවිරිදි තරුණියක සිඟිති දරුවා වඩාගෙන ගලේවෙල පොලිසියට පැමිණ පැමිණිල්ලක් කළාය.
පුත්තලම මූලික රෝහලේ දී තම යෙහෙළිය දරුවකු ප්‍රසූත කළ බවත් ඇය ද, ඇය ප්‍රසූත කළ දරුවා ද කැටුව ඉකුත් 4 වැනිදා ගලේවෙල ප්‍රදේශයේ පිහිටි හෝටලයකට පැමිණ කාමරයක් කුලියට ගෙන නවාතැන් ගෙන සිටි බවත් බිලිඳිය රැගෙන පොලීසියට පැමිණි විසිතුන් හැවිරිදි තරුණිය පවසන්නේ යැයි පොලීසිය කියයි.
බිලිඳිය හොඳම යෙහෙළිය රවටා ඇයට භාර දී පලා ගිය කාන්තාව වැලිමඩ, මොරගොල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තැනැත්තියකි.
පොලිසිය භාරයට ගත් දින 5ක් වයසැති බිලිඳිය දඹුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරන ලදැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.
බිලිඳිය රැගෙන පොලීසියට පැමිණි විසිතුන් හැවිරිදි තරුණිය ද ගලේවෙල ප්‍රදේශයේ පදිංචි තැනැත්තියකි.
ගලේවෙල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් සහ නිලධාරිනියන් කණ්ඩායමක් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වාගෙන යයි.
2025 දෙසැම්බර් මස 18
550
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1076
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මව, දින පහේ සිඟිතිය යෙහෙළියට දී මාරුවෙලා