IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මව් කිරි දී ලෝක වාර්තාවක් තබයි

(විමුක්ති එස් රුද්‍රිගු)

එළිසබෙත් ඇන්ඩර්සන් සියේරා නම් ඇමෙරිකානු ජාතික දෙදරු මවක් තම මව් කිරි පරිත්‍යාග කරමින් ලෝක වාර්තාවක් පිහිටුවා ඇත.වසර තුනක කාලයක් තුළ මව් කිරි ලීටර් 1599.68 ක්  පරිත්‍යාග කරමින් එළිසබෙත් මෙම ලෝක වාර්තාව පිහිටුවීමට සමත් වී තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔරිගොන් ප්‍රාන්තයේ අලෝහා හි පදිංචිකාරිනියක වන එළිසබෙත් 2015 පෙබරවාරි 20 සිට 2018 ජූනි 20 දක්වා මව් කිරි ලීටර් 1599.68 ක ප්‍රමාණයක් පරිත්‍යාග කර ඇත.

ලෝක වාර්තාව සඳහ 2015 සිට 2108 වසර දක්වා වසර තුනක කාලය පමණක් ගණන් බලා ඇතත් තමන් මේ දක්වා පසුගිය වසර නවයක කාලය තුළ මවු කිරි අවුන්ස 350000 ක ප්‍රමාණයක් පරිත්‍යාග කර තිබෙන බවත් එම මව් කිරි නොමේරු ළදරුවන් පෝෂණය කරමින් ජීවිත දහස් ගණනක් බේරාගැනීමට සමත් වූ බවත් එළිසබෙත් ප්‍රකාශ කර තිබේ.ඉන් ජීවිත කොපමණ සංඛ්‍යාවක් බේරාගෙන තිබේදැයි නිශ්චිතව පැවැසිය නොහැකි බව එළිසබෙත් පෙන්වා දී තිබේ.

තමගේ සිරුරේ ප්‍රෝලැක්ටින් හෝමෝනය වැඩි වශයෙන් නිපදවෙන බවත් ඒ හේතුවෙන් සෑම විනාඩි කිහිපයකට වරක් තම සිරුරේ මව් කිරි නිපදවෙන බවත් ඇය පවසා ඇත.එය රෝගී තත්ත්වයක් වුවත් ඉන් නොසැලී ඉදිරියටත් තම මව් කිරි වලින් ලෝකයේ දරුවන් පෝෂණය කරන බව ඇය පෙන්වා දී තිබේ.



අදහස් (1)

මව් කිරි දී ලෝක වාර්තාවක් තබයි

pakeer Tuesday, 18 July 2023 06:17 PM

සුද්දෝ වගේ කියන්නේ නිකන් නෙමෙයි .සෑහෙන්න අගයන්න ඕනේ වැඩක්

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site