
(යොහාන් භාසුර)
කොළඹ විශාඛා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන නුලාරා නෙලින්දී ඒකනායක රචනා කළ ‘පාස්කු දා තනිවූ සඳුනි’ පොත අළෙවියෙන් ලැබූ ආදායමෙන් ‘පාස්කු ඉරුදින’ ප්‍රහාරයේ වින්දිතයන් වූ දරුවන් දෙදෙනෙක්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය කළේය.
‘පාස්කු ඉරුදින’ ප්‍රහාරය සැළවීමත් සමඟ ඉන් බියට පත්වූ එවකට වඩාත් කුඩා දැරියක් වූ නුලාරා බෝම්බ ප්‍රහාරයේ අත්දැකීමක් මාතෘකාව කරගෙන මෙම පොත රචනා කළ අතර එම්. ඩී. ගුණසේන පොත් ප්‍රකාශකයෝ එය ප්‍රකාශනය කරති.
එම ශිෂ්‍යත්ව ලැබූ පිරිමි දරුවාගේ මව ද, ගැහැණු දරුවාගේ පියා ද, මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ පුපුරුවා හැරි බෝම්බයෙන් මියගොස් තිබේ.
එම දරුවන් දෙදෙනා පසුගිය අප්‍රේල් මස 21 වැනිදාට යෙදී තිබූ පාස්කු දිනයේ කටුවාපිටිය සුසාන භූමියේ ඉටි පහන් දල්වමින් සිටියදී ‘ලංකාදීප’ ඡායාරූප ශිල්පී ළහිරු හර්ෂණගේ කැමරා කාචයට හසුව ‘ලංකාදීප’ පුවත්පතේ එම ඡායාරූපය පළවීමෙන් පසුව මෙම ශිෂ්‍යත්ව සඳහා එම දරුවන් තෝරාගත්තේය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)




2025 දෙසැම්බර් මස 18
472
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මව්පියන් අහිමි දරු දෙදෙනකුට විශාඛා දියණියගෙන් ශිෂ්‍යත්වයක්
Rishad Friday, 10 May 2024 01:45 PM
සුබපැතුම් දියණිය...!
චතුර Friday, 10 May 2024 02:41 PM
ඔබ පොඩි දියණියක් වුනාට ඔබේ හදවත විශාලයි දුවේ. ඔබේ ඔය හදවතින්හ ගලන පත් සිතුවිලි දිනක ඔබට ආශිර්වාදයක් වනු නොඅනුමානයි.