
(ජේ.ඉඳුරුවගේ)
කොළඹ සිට ගාල්ල බලා ගමන්ගත් දුම්රියක බෙන්තොට දුම්රිය ස්ථානය අසලදී ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ 39 හැවිරිදි මවක සහ ඇයගේ හය හැවිරිදි පුත්‍රයා බෙන්තොට රෝහලට ඇතුළත් කළ බව බෙන්තොට පොලීසිය පැවසිය.
බෙන්තොට වෙරළේ ඊයේ (31) රාත්‍රියේ පැවති මල් වෙඩි සංදර්ශන නැරඹීම සඳහා පවුලේ අය සමග පැමිණ ආපසු නිවෙස වෙත යමින් සිටි බෙන්තොට ඉහල මාලවල පදිංචි මෙම මව සහ පුත්‍රයා අනාරක්ෂිත තැනකින් දුම්රිය මාර්ගය හරහා මාරුවීමට යාමේදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලීසිය කියයි.
මෙම අනතුරින් තුවාල ලද හය හැවිරිදි දරුවාගේ වම් අතේ වැලමිටට පහළින් වෙන්වී තිබූ කොටස සුරක්ෂිතව බෙන්තොට රෝහලට බාරදුන් බව පොලීසිය පැවසීය.
මූලික ප්‍රතිකාර ලබා දීමෙන් පසු මව හා පුත්‍රයා කළුතර නාගොඩ රෝහලට මාරුකළ බව බෙන්තොට රෝහල් ආරංචිමාර්ග පැවසීය.
2025 දෙසැම්බර් මස 18
581
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මල් වෙඩි බලන්න ආ මව - පුතා දුම්රියක ගැටෙයි
හර්ෂන විජේරත්න Wednesday, 01 January 2025 01:22 PM
අම්මාටත්, පුතාටත් ඉක්මණින් සුවය ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා. දරුවාගේ ආශාව නිසා මල් වෙඩි පෙන්වන්න එක්කගෙන එන්න ඇති. පව් අසරණ අම්මයි පුතයි. මේ දෙදෙනාගේ ජීවිත රකින්නට වෛද්‍ය උතුමන්ලාට යෝධ ශක්තිය ලැබේවා!! තෙරුවන් සරණයි !! සියලු දෙවියන් මේ දෙදෙනාගේ ජීවිත ආරක්ෂා කරත්වා!!