(නිමල කොඩිතුවක්කු)
වෙළඳ පොලේ මාලු මිලගණන් වෙනදාට වඩා විශාල ලෙස පහළ බැස ඇතැයි පාරිභෝගික ජනතාව පවසති.
ඒ අනුව පෑලියගොඩ මාලු වෙලදපොලේ තලපත් කිලෝව රුපියල් 2000ක්, බලයා කිලෝව රුපියල් 600 ක්, කෙලවල්ලා කිලෝව 1000 ක්, පරා කිලෝව රුපියල් 1500ක්, සාලයා කිලෝව රුපියල් 350ක්, හුරුල්ලා කිලෝව රුපියල් 750ක්, ලින්නා කිලෝව රුපියල් 600ක් ආදී ලෙස අළෙවි වේ.
සාමාන්‍ය වෙළඳ පොලේ මාලු මිළ ගණන්ද වෙනදාට වඩා සාපේක්ෂව මිළ පහළ අගයක් ගෙන ඇතැයිද ඔව්හු පවසති.
මේ අතර කුකුලු මස් කිලෝවක් තවදුරටත් ඉහළ අගයක පවතින අතර රුපියල් 1450ත් 1600ත් අතර මිලකට අලෙවි වන බව ඔව්හු සඳහන් කරති.
2025 දෙසැම්බර් මස 18
345
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1005
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාලු මිළ පහතට
de silva Monday, 26 September 2022 05:39 PM
ජීවන වියදම වැඩි වුණාට වැටුප් වැඩි වුණේ නැහැ.. මිනිස්සුන්ට මස් මාළු ගන්න සල්ලි නෑ... මිනිස්සු මස්, මාළු මිලදී ගැනීම අඩු කරලා, ඉල්ලුමේ හැටියට මිල නියම වෙන්නේ ඉදිරියට මාලු මිල අනිවාර්යයෙන් තව අඩු වෙනවා. එළවළු, පලතුරු මිලත් මේකම වේවි... විශාල පිරිසක් රට අතහැර ගිහින්... රට ඉන්න මිනිස්සු නිවාඩුවකටවත් මෙහෙ එන්නේ නැහැ... සංචාරකයින් එන්නෙත් නැහැ.
පුරවැසියෙක්..... Monday, 26 September 2022 08:36 PM
අධික මිලට මාළු ගැනීමෙන් වැළකීමට ජනතාව කටයුතු කළ යුතුයි. ජනතාව බිස්කට් ගැනීමෙන් වැළකීම හේතුවෙන්, ප්‍රධාන බිස්කට් සමාගම් කරුවන් බිස්කට් මිල ගණන් පහළ දමන ආකාරයක් පෙනෙනවා නේද?
de silva Friday, 30 September 2022 04:10 PM
ජනතාව මාලු මිලදී ගැනීම අඩු කළාම මිල අනිවාර්යයෙන්ම පහළ බහිනවා. මාළු යනු කල්තබාගත හැකි දෙයක් නොවේ. ඔබට පුළුවන් වුණත් දුප්පත් මිනිස්සු ගැන හිතලා කෙටි කලකට මාලු පරිභෝජනය අඩු කරන්න. මාලු මිල අනිවාර්යයෙන් 50%කින් අඩු වෙනවා.