(යොහාන් භාසුර)
මෙම වසරේ (2022) මුල් මාස පහක කාලය තුළ පුද්ගලයින් 288,645 දෙනෙකු විදෙස් ගමන් බලපත්‍ර සකස් කරගෙන ඇතැයි ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුමි බණ්ඩාර මහත්මිය පැවසුවාය.
පසුගිය 2021 වසරේදීම නිකුත් කර ඇත්තේ විදෙස් ගමන් බලපත්‍ර 382, 506 ක් පමණක් මාධ්‍ය ප්‍රකාශක පියුමි බණ්ඩාර මහත්මිය සදහන් කළාය.
රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ බොහෝ පිරිසක් විදෙස්ගත රැකියා සඳහා යොමුව තිබෙන බවත් මේ හේතුවෙන් වැඩි පිරිසක් ගුවන් ගමන් බලපත්‍ර සකස් කර ගැනීමට යොමුව තිබෙන බවත් ඇය කීවාය.
මෙම වසරේ ජනවාරි මාසයේදී බලපත්‍ර 52,278 ක්, පෙබරවාරි මාසයේදී 55 381 ක්, මාර්තු මාසයේදී 74 890ක්, අප්‍රේල් මාසයේදී 53151 ක් සහ මැයි මාසයේදී 52 945 ක් වශයෙන් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කර ඇති බවත් මෙම තත්වය හමුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව කාර්ය මණ්ඩල දැඩි කාර්ය බහුලත්වයට පත්ව සිටින බව ද මාධ්‍ය ප්‍රකාශිකාව සඳහන් කළාය.
ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ කටයුතු සදහා පැමිණෙන පිරිස් දින වේලා වෙන්කරගෙන පැමිණෙන ලෙස ඉල්ලා සිටින බවද ඇය කියා සිටියාය.
දෙපාර්තුමේන්තු ප්‍රධාන කාර්යාලය අවට කිලෝමීටර් ගණනක් දුරට පෝලිම් දක්නට ඇත්තේ දින වේලා වෙන් කර නොගත් පිරිස් නිසා බවත් දින වේලා වෙන්කරගැනීම් අනුව දෛනිකව 1500කට වැඩි පිරිසකට සේවා සපයන බවත් මාධ්‍ය ප්‍රකාශිකාව කියා සිටියාය.
එක්දින සේවා මගින් විදෙස්ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තුමේන්තු ප්‍රධාන කාර්යාලයේදී පමණක් සිදුවන අතර සාමාන්‍ය සේවා යටතේ විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට අවශ්‍ය ලේඛණ ප්‍රධාන කාර්යාලයට අමතරව මාතර, කුරුණෑගල, මහනුවර, මාතර හා වව්නියාව කාර්යාල වෙත ලබාදිය හැකි බවත් ඇය පවසන්නීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ්රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
‘මුල් මාස පහේදී පාස්පෝට් 288,645 නිකුත් කරලා‘
jayasekara Thursday, 02 June 2022 10:16 AM
නියමයි... දැන් තේරෙනව ඇති රාජ්‍ය සෙවය ඇගට වදින්නම.... නිකන් අයිස් ගහල ඉඩල..... පැය 08 පෞෟද්ගලිකඅන්ශය වගෙ දැන් වැඩ ඇති.... උනත් ගන්නව ඇති.. ඒ ඔහොම වැඩ කරල නැති නිසා....... ෆෝන්වල එල්ලිලා.... ඔපදුප කතා කර කර.. ඉන්න වෙලවකුත් නැතිව ඇති......
saman Thursday, 02 June 2022 03:53 PM
කාලකන්නි පාලකයො නිා තමන්ගෙ රටෙ අබිානයෙන් ජීවතත් වෙන්න තිබුන අවස්තව නෙති කරගනිමින් විදෙදෙරටවල දෙදෙනි පුරවැසියො ලෙස ජීවත් වීමට යෑමට සිදුවීබ හරිම දුකක්