IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මිල ප්‍රදර්ශනය කරනවා නම් පමණක් භාණ්ඩ ගන්න

(යොහාන් භාසුර)

මිල ප්‍රදර්ශනය කරන වෙළෙඳසැල්වලින් පමණ භාණ්ඩ මිලදී ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ටී. අයි. උඩුවර මහතා පැවසීය.

බේකරි නිෂ්පාදනය සහ සහල් මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයන්ට තව දුරටත් ලැබී නොමැති බවත් ඔහු පැවසීය.

 බේකරි නිෂ්පාදන ඇතුළු සියලුම භාණ්ඩ අළෙවියේදී මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බවත් මිල ප්‍රදර්ශනය නොකරන වෙළදුන් සොයා රටපුරා වැටලීම් ක්‍රියාත්මක බවත් උඩුවර මහතා කීය.

එම අධිකාරීයේ විමර්ෂණ නිලධාරීන් පසුගිය දින කීපයේදී පාන් මිල සම්බන්ධයෙන් පමණක් රට පුරා වැටලීම් 200 කට අධික සංඛ්‍යාවක් කළ බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (5)

මිල ප්‍රදර්ශනය කරනවා නම් පමණක් භාණ්ඩ ගන්න

රංබොඩ Tuesday, 06 August 2024 07:40 PM

පාරිභෝගික අධිකාරිය සම්බන්ධ කරගන්නා අංක මාධ්‍යයෙන් දක්වනවා නම් ඉතා හොඳයි.

:       0       0

Dil Tuesday, 06 August 2024 08:07 PM

ගන්න එකක වත් තියන මිල නෙවෙයිනේ බිලේ තියෙන්නේ.... එහෙම වුණොත් අපිට කම්ප්ලේන් කර කර තමයි ඉන්න වෙන්නේ. මිරිස් තුනපහ බිස්කට් ඒවා විතරයි ගන්න වෙන්නේ.... නීතියක් හරියට හදා ගන්න බැරි රටක දුක් විඳින අපි ගැන දෙයියෝ තමයි බලන්න ඉතුරු. අනිත් අයට නම් කියන දේ වත් ඇහෙන්නේ නෑ. අවුරුදු තිස් හතලිස් ගානක් පාර්ලිමේන්තුවේ ඉඳලා කරපු හරිය තමයි පේන්න තියෙන්නේ...!

:       0       0

Mudalali Tuesday, 06 August 2024 08:15 PM

එතකොට සුපිරි වෙළඳ සැලක් වන කීල්ස් ආයතනය මගින් කිසිවිටෙක බිල් පතක් දෙන්නේ නැහැ. ඒ ගැන අවධානයට නොගන්නේ ඇයි කියලා කියන්න පාන් ගෙඩියක්, බනිස් ගෙඩියක්... විකුණා ජීවත්වෙන වෙළෙන්දාට එක් ක්‍රමයක් හා මහා පරිමාණයේ අයට තවත් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සාධාරණයක් නැහැ...

:       0       0

Janith Wednesday, 07 August 2024 08:06 AM

අන්තර්ජාලයේ භාණ්ඩ හා සේවා අලෙවි කරන බොහෝ පිරිස් තමන් අලෙවි කරන භාණ්ඩ හෝ සේවාවන්හි මිල සඳහන් කරන්නේ නැහැ බොහෝ පාරිභෝගිකයන් මිල ගැන විමසන විට පෞද්ගලිකව ලබා ගන්නා ලෙස (Inbox) දැනුම් දෙනවා මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ගතහැකි ක්‍රියාමාර්ගයක් තිබේද?

:       0       1

Sarath Wednesday, 07 August 2024 08:47 AM

වෙලෙන්දන් ඒගොල්ලන්ට ඕන විදියට වැඩි මිලට භාණ්ඩ විකුණනවා.එළවලු ඇතුළු සියලුම බඩු.මේ සඳහා පියවර ගන්න

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 604 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site