IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මිල ඉහළ ගිය පාන්ගෙඩියේ බරත් රසත් අඩු වෙලා

(මහින්ද නිශ්ශංක සහ දෙවලපොල කීර්ති ප්‍රනාන්දු)

පාන් මිල වැඩි කළ පසු පාන් ගෙඩියේ බර හා රසය බෙහෙවින් අඩු වී ඇතැයි පාරිභෝගිකයෝ මැසිවිලි නගති .

සාමාන්‍යයෙන් පාන් ගෙඩියක් ග්‍රෑම් 450 ක බරකින් සමන්විත වුවත් බොහෝ පාන් ගෙඩිවල බර ග්‍රෑම් 300, 333, 350, 400, අතර මට්ටමක පවතින බවද වාර්තා වේ.

ප්‍රධාන බේකරි වල නිෂ්පාදනය කරන පාන් ගෙඩියේ බර ග්‍රෑම් 450ක් වුවද කුඩා බේකරි වල නිෂ්පාදනය කරන පාන් වල බර අඩු මට්ටමක පවතින බව ද දැනගන්නට ඇත

මේ සම්බන්ධව කළ විමසීමකදී සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන කියා සිටියේ පාන් වල බර අඩු මට්ටමක තිබේ නම් එය ඉතා අසාධාරණ බවත් රුපියල් 190ක්, 200 ක්, වැනි මිලකට ග්‍රෑම් 450 කට වඩා අඩු බර පාන් අලෙවි කිරීම මහජනයා සූරා කෑමක් බවත් මේ නිසා රජය මැදිහත්වී අඩු බර පාන් වැටලීමට වහා පියවර ගන්නා ලෙසද සංගමය වගකිවයුතු රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ජයවර්ධන මහතා පවසයි .

මේ වන විට මිළ වැඩි කිරීමත් සමග පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල අලෙවිය ද 50% කින් පමණ පහළ බැස ඇතැයි ද ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය .

 



අදහස් (2)

මිල ඉහළ ගිය පාන්ගෙඩියේ බරත් රසත් අඩු වෙලා

ravin Wednesday, 10 August 2022 04:35 PM

හොද අදහසක්. පලමුව මේ සභාපති කියන කෙනාගේ බේකරිය පරික්ෂා කරන්නකෝ. ප්‍රමිතිය, නිෂ්පාදන සෞඛ්‍ය කොටින්ම කිව්වොත් පිටි ටික ලබා ගත්ත තැන සිට පාන් ගෙඩිය පාරිභෝගිකයා මිලදී ගන්න අවස්ථාව දක්වාම දැඩි පරික්ෂණයට ලක් කොට ප්‍රසිද්ධ මාධ්‍ය තුළින් පලකරන්න.

:       2       1

Bamunuarachchi Wednesday, 10 August 2022 07:06 PM

පාන් බනිස් කනවා වෙනුවට බත් ටිකක් හදාගෙන කන්න පුරුදුවෙන්න. වත්තේ ගස්වල පොල් තිබෙනවානම් කඩේ හාල් තිබෙනවානම්. බේකරි උඩුකුරුඥන් උනත් අපිට කමක් නැහැ.

:       5       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site