
(ෂේන් සෙනෙවිරත්න සහ චමිල් රූපසිංහ)
මල්වතු මහා නාහිමියන් සම්බන්ධ කර ගනිමින් සාවද්‍ය පුවත් නිර්මාණය කරනමින් මහජන කැළඹීම් ඇති කිරීමට උත්සාහ කරන පුද්ගලයන් සහ සංවිධානවලට එරෙහිව ඉදිරියේදී අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව මල්වතු මහා විහාර පාර්ශ්වයේ උප ලේඛකාධිකාරී මහවෙල රතනපාල හිමියන් නිවේදනයක් නිකුත් කරමින් පවසති.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මල්වතු මහා නාහිමියන් බැහැ දැක ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගැනීමේ රජයේ උත්සාහයක් තිබෙන අතර එය වළකා දෙන ලෙස මල්වතු මහා නාහිමියන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවත් එය මල්වතු මහා නාහිමියන් ප්‍රතික්ෂේප කර ඇති බවත් සමාජ මාධ්‍යයේ පැතිර යන සාවද්‍ය පුවතක් සම්බන්ධයෙන් මල්වතු මහා විහාර පාර්ශ්වයේ උපලේඛකාධිකාරී හිමියන් මල්වතු මහානායක හිමියන්ගේ උපදෙස් පරිදි එම ලිපිය නිකුත් කර තිබේ.
හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගැනීමට රජයේ සූදානමක් ඇති බවත් එය වැළැක්වීමට වත්මන් ජනාධිපතිතුමන් වෙත බලපෑම් කරන ලෙස මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක හිමිපාණන් වහන්සේගෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කරන ලද බවට සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වන පුවත සාවද්‍ය හා පදනම් විරහිත පුවතක් බව මල්වතු පාර්ශවයේ මහානායක හිමියන්ගේ උපදෙස් පරිදි හා නියමය මත දැනුම් දෙන බව එහි සඳහන්ය.
2025 දෙසැම්බර් මස 18
306
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මල්වතු විහාරයෙන් කරුණු පැහැදි කරයි
Bunny Preena Tuesday, 01 July 2025 09:16 AM
සමහර පෞද්ගලික මාධ්‍ය ජාලාවල හැසිරීම බොහෝම කැතයි , ලැජ්ජා සහගතයි , අන්තිමයි . ලකුණු බින්දුවයි . කිසිම චාරයක් නැහැ. ඔවුන් වටා රැඳෙන්නෙත් ඔවුන්ගේ ගති ගුණ තියෙන එවුන්ම පමණයි