
(අංජුල මහික වීරරත්න)
කෘෂිකර්මාන්තයට අදාළ තීන්දු තීරණ ගන්නා විට රටේ ගොවි ජනතාව ගැන උපරිම විශ්වාසය තබා කටයුතු කරන්නැයි තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහ නාහිමියෝ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවෙි පැවසූහ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මල්වතු මහ නාහිමියන් බැහැදැකීමට මහනුවර මල්වතු මහා විහාරයට පැමිණි අවස්ථාවේදී මල්වතු මහා නා හිමියෝ මේ බව කීහ.
රටේ ආහාර මිල ගණන් ඉහළ යාම පිළිබඳව මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ පවතින කැළඹිලි සහිත බව පිළිබඳව මහ නාහිමියෝ අමාත්‍යවරයාගෙන් කරුණු විමසූහ.
එහිදී අමාත්‍ය අමරවීර මහතා ප්‍රකාශ කළේ දේශීය ගොවීන් කෙරෙහි උපරිම විශ්වාසය තබා කටයුතු කරන බවයි.කෘෂි කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා තීන්දු තීරණ ගැනීමේදී නිලධාරීන්ගේ අදහස් සහ යෝජනා විමසුවද ඒ පිළිබඳ අවසන් තීන්දුව ගන්නේ මහ පොළොව සමඟ කටයුතු කරන ගොවි ජනතාව නැමැති විශේෂඥයන්ගේ උපදෙස් අනුව බවද ඇමතිවරයා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
345
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1005
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මල්වතු මහා නා හිමිගෙන් කෘෂි ඇමතිට උපදෙසක්
thilak Monday, 26 September 2022 06:58 PM
කව්රු කව්රුත් උපදේශ දීම නවත්වලා ගොවිතැනට බැස්සොත් නරකද?