(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරගහහේන නාගල කන්ද ප්‍රදේශයේ නිවසකට කඩා වැදී ඇඳක නිදා සිටි පුද්ගලයකුට තියුණු ආයුධයකින් සහ යකඩ පොල්ලකින් පහර දුන් සහෝදරයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් වූවන් අතර යුද හමුදා කොමාන්ඩෝ සෙබළකු වන බව පොලිසිය කියයි.
සැකකරුවන් දෙදෙනා පහර දීමට යොදා ගත් කඩුවක් සහ යකඩ පොල්ලක් පොලිස් භාරයට ගෙන ඇත.
සිද්ධියෙන් බරපතළ තුවාල ලද පුද්ගලයාගේ මල්ලි සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කලක සිට පවතින ආරවුලක් මුල්කරගෙන නිවසට කඩා වැදී මල්ලි යයි සිතා මෙම පහරදීම සිදුකර තිබූ බව පොලිස් විමර්ශනවල වලදී අනාවරණය වී ඇත.
ඒ අවස්ථාවේ දී එම පුද්ගලයා ඊට යාබද කාමරයක නිදා සිට ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
492
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මල්ලී යැයි සිතා අයියාට ගහලා