(සුරංග රාජනායක)
ගම්පොල අටබාගේ මැල්ල ජලාශය අසළ දිය නෑමට ගිය 17 හැවිරිදි පාසල් සිසුවකු දියේ ගසා ගෙන ගොස් අතුරුදහන්ව ඇතැයි පුස්සල්ලාව පොලිසිය පවසයි .
මෙසේ අතුරුදහන්ව ඇත්තේ ගම්පොල නව දේවිට ප්‍රදේශයේ පදිංචි කවීන් එරන්ද මාරසිංහ නැමැති සිසුවායි.
ගම්පොළ විද්‍යාලයක ඉගෙනුම ලැබූ ඔහු මෙවර අපොස සාපෙළ විභාගයට පෙනී සිට විභාගය අවසන් වීම සමඟ ගම්පොල අටබාගෙ උඩගම ප්‍රදේශයේ පදිංචි තම පාසල් මිතුරාගේ නිවසට ගොස් ඇති මොහු පසුව දෙදෙනාම එක්ව මෙසේ අටබාගේ ඔයට දියනෑමට ගොස් තිබේ.
දිය නාමින් සිටි දෙදෙනාම ඔයේ පහළට ගසාගෙන ගොස් ඇති අතර උඩගම සිසුවා දිවි ගලවා ගෙන ඇති බව පොලිසිය පවසයි.
පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව එදින රාත්‍රිය වන තුරු මොහු සෙවුවද හමු නොවූ නිසා අද( 7 ) යළි සෙවීම ආරම්භ කර ඇත.
පුස්සල්ලාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
මැල්ල ජලාශයේ දියනෑමට ගිය සිසුවා අතුරුදන්