( රොමේෂ් මධුෂංඛ)
මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ පිහිටි කැලෑබද ප්‍රදේශයකින් රුපියල් මිලියන 16 කට අධික මත්පෙති 111,000 ක් සොයාගත් බවට මන්නාරම පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.
මන්නාරම යුදහමුදා බුද්ධි අංශයට ලැබුණ තොරතුරකට අනුව එහි නිලධාරීන් විසින් මන්නාරම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට මේ බව දැනුම් දී ඇත.
අනතුරුව එහි පොලිස් නිලධාරීන් පිරිසක සහ යුදහමුදා නිලධාරීන් එක්ව ශිලාවතුර ප්‍රදේශයේ කැලෑ ප්‍රදේශක සිදුකරන ලද සෝදිසියකදී සඟවා තිබූ මෙම මත්පෙති තොගය සොයාගනු ලැබීය.
එහිදී විශාල උර දෙකක් තුළ අසුරා තිබූ ප්‍රිගැබ්ලින් වර්ගයේ නීතිවිරෝධී මත්පෙති තොගය සොයාගනු ලැබීය.
මෙම මත්පෙති තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් ශිලාවතුර ප්‍රදේශයේ කැලෑවක සඟවා පසුව වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට ජාවාරම් කරුවන් සැලසුම් කොට ඇති බවට සැක පල කරන අතරම අදාල මත්පෙති ගෙන්වූ අය කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති බවටද පොලීසිය පැවසීය.
සොයාගත් මත්පෙති තොගය මන්නාරම කොට්ඨාශ අපරාධ විමර්ශන නිලධාරීන් විසින් භාරගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකරයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මිලියන 16 ක මත්පෙති සිලාවතුරේ කැලෑවක