IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මාලඹෙි නිවසක මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක්

(බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මාලබේ පිට්ටුගල කහන්තොට පාර ෆැන්ටසි ඇවනිව් හි දෙමහල් නිවසක ශීතාගාර තුල පවත්වාගෙන ගිය ‘කුෂ් ‘ නැමැති මත්ද්‍රව්‍ය නිශ්පාදනාගාරයක් වටලා පුද්ගලයින්  දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත අංක 11 කණ්ඩායම පවසයි.

අදාල නිවසෙහි පහත මාලයේ කාමරයක් වායුසමීකරණය කර එහි තට්ටු කිහිපයකට රෝපණය කර තිබූ කුෂ් පැල හැටකට ආසන්න ප්‍රමාණයක් සහ එම නිවසේ ඉහල මාලයේ ශීතාගාරයක් තුල පවත්වාගෙන ගිය තවත් කුෂ් පැල සියයකට වැඩි ප්‍රමාණයක් සොයා ගත් බව ද එම ඒකකය පවසයි. මේ වන විට කුෂ් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 ක් රුපියල් හාරදහස් පන්සියයක පමණ මිලකට අලෙවි වේ. 



අදහස් (1)

මාලඹෙි නිවසක මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක්

Prabha Monday, 19 August 2024 03:24 PM

මොංවද මේ කුෂ් බුෂ් කියලා පොෂ් නම් දාන්නේ .ඕවා ගංජා පැල

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 619 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site