
(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැසිකිලියේ සහ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නේවාසිකාගාරයේ තිබී ඉන්ධන තොගයක් සොයාගත් බව මුලතිව් පොලිසිය කියයි.
පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම්වරයා නීතිවිරෝධීව ඉන්ධන රැස්කරගෙන සඟවා තබාගෙන ඇති බවට ලැබුනු ජනතා පැමිණිළි කිහිපයකට අනුව පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු පිරිසක් මුලතිව් දිසාපති කාර්යාලයේද අවසරය මත මෙම සෝදිසිය කරන ලදි.
එහිදී පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්වරයාට අයත් වැසිකිලිය තුල සහ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නේවාසිකාගාරයේදී සඟවා තිබූ ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් ලීටර් 65 කට අධික ප්‍රමාණයක් තිබී පොලිස් නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.
එහිදී වැටලීම සිදුකල පොලීසිය පවසා සිටියේ අදාල ප්‍රාදේශීය ලේකම් වරයාගේ අනුදැනුම මත ඉන්ධන සඟවා තිබීම සහ ඒ පිළිබඳව නැගුනු ජනතා විරෝධය මත මෙම වැටලීම සිදුකල බවටත් එසේ නොවන්නට ජනතාව විසින් අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කඩාවැදුනේනම් දේපල හානි මෙන්ම පුද්ගල හානි වීමේ අවදානමක්ද පැවති හෙයින් තත්වය පාලනය කිරීමට මෙම පියවර ගත් බවටය.
මේ පිළිබඳව අදහස් දැක්වූ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් එස්. ජයකාන්ත් මහතා ,අදාල ඉන්ධන තමන්ගේ රාජකාරී කටයුතු සඳහා පමණක් තබාගත් බවත් කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් විසින් පොලීසිය නොමග යවා මෙලෙස වැටලීම සිදුකිරීම දැඩි අසාධාරණයක් බවත් පැවසීය.

2025 දෙසැම්බර් මස 18
556
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුලතිව් ප්‍රා.ලේකම්ගේ වැසිකිළියෙන් ඉන්ධන මතු වේ