IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මිල්කෝ නිෂ්පාදන ධාරිතාව ඉහළට

(අංජුල මහික වීරරත්න)

මිල්කෝ සමාගමේ දෛනික කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගන්නා දියර කිරි ප්‍රමාණය ලීටර් 140000 ඉක්මවා  ඇතැයි මිල්කෝ සමාගමේ  සභාපති ඉන්දික ගුරුගේ මහතා පැවසීය.

මිල්කෝ සමාගම විසින් දෛනිකව තම නිෂ්පාදන සඳහා යොදාගන්නා ලද  දියර කිරි ප්‍රමාණය පසුගිය කාලයේ  කිරි ලීටර් 65,000 දක්වා පහත වැටී තිබිණි.

සාමාන්‍යයෙන් මිල්කෝ  සමාගමේ දෛනික දියර කිරි ඉලක්කය ලීටර් 120000ක් බවත් සමාගමේ පරිපාලන ගැටලු නිසා එම ප්‍රමාණය සියයට 50කින් අඩු වී තිබු බවත් ඉන්දික ගුරුගේ මහතා කීය.

පසුගිය කාලයේ  මිල්කෝ සමාගමේ කිරි පිටි නිෂ්පාදනය මුළුමනින්ම නැවතී තිබූ නමුත්  මේ වනවිට හයිලන්ඩ් කිරි පිටි මෙට්‍රික් ටොන් 80ක් ගබඩා සතුව ඇතැයි ද හයිලන්ඩ් අයිස්ක්‍රීම් හා යෝගට් නිෂ්පාදන ධාරිතාවය ද ඉහළ නංවා තිබෙන්නේ යැයිද මිල්කෝ සභාපතිවරයා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දුන් වාර්තාව සඳහන් වේ.



අදහස් (3)

මිල්කෝ නිෂ්පාදන ධාරිතාව ඉහළට

ජයනාත් Monday, 20 May 2024 03:46 PM

නිෂ්පාදන වැඩි කරලා, ලාභ වැඩි කරලා සේවකයන් අඩු කරලා අදානිට පූජා කරපල්ලා .

:       2       17

Arawinda Monarawila Monday, 20 May 2024 03:52 PM

ජයනාත් හරියම කිව්වා

:       3       8

amara Monday, 20 May 2024 08:33 PM

හයිලන්ඩ් කිරිපිටි නම් දියකරන්න පට්ට ගේමක් දෙනවා, ඔ්ස්ට්‍රේලියාවෙ වගේ නම් කිරිපිටි මාර සුවදයි, (මෙහෙට ගෙන්වන ඒව නෙමේ). දෙන දේ ‌හොජයි කියලම බෑ පාරිභෝගිකයට ගුණාත්මක බව වැඩිකරල ‌දීම අවශ්‍යයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site