IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මැර කල්ලි භාවිත කරන ආයුධ යාපනයෙන් හසු වෙයි

(  සිතුම් චතුරංග)

යාපනයේ ක්‍රියාත්මක මැරකල්ලි භාවිතා කරන තියුණු ආයුධ කිහිපයක් යාපනය , අච්චුවේලි , සෙල්වනායගපුරම් ප්‍රදේශයේ ඉඩමක තිබී සොයාගත් බව අච්චුවේලි පොලිසිය කියයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත ලැබුණ තොරතුරක් අනුව ඉඩම පරීක්ෂා කිරීමේදී තියුණු ආයුධ හතරක් සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.

දකුණු ඉන්දියාණු සිනමාපටවල ආභාෂයෙන් යතුරු පැදිවල කොටස් භාවිතා කරමින් මෙම තියුණු ආයුධ නිර්මාණය කොට තිබූ බවත් පොලිසිය පැවසීය.

යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වැටලීම සිදුකරන අවස්ථාවේ තියුණු ආයුධ සඟවා තැබූ පිරිස පැනගොස් සිටි බවත් පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූයේ යාපනය ක්‍රියාත්මක ‘ආවා‘ ඇතුළු මැර ක්‍රියා සිදුකරන කණ්ඩායම් විසින් මෙවැනි ආයුධ භාවිතා කරන බවත් එවැනි කණ්ඩායමක් විසින් කඩකප්පල්කාරී ක්‍රියා සිදුකිරීමට මෙම තියුණු ආයුධ සඟචා තිබූ බවයි.

තියුණු ආයුධ නිර්මාණයකළ සහ භාවිතා කළ කණ්ඩායම් සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කොට ඇති බවත් පොලිසිය පැවසීය.

අච්චුවේලි පොලිසිය , පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 



අදහස් (1)

මැර කල්ලි භාවිත කරන ආයුධ යාපනයෙන් හසු වෙයි

නිහාල් Thursday, 01 June 2023 12:18 PM

රට ජාතිය බේරාගන්න හරි කොටි නැගිටිනවා හරි නම් අපිට කියන්න. අපි ඡන්දෙ දෙන්නම්

:       3       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 556 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site