
(අංජුල මහික වීරරත්න)
නව නිපැයුම්කරුවකු වන වැලිමඩ දරගල ලසන්ත රුවන් ලංකාතිලක මහතා මෙරට පළමු වරට මිරිස් වලින් අයිස්ක්‍රීම් නිෂ්පාදනය කර තිබේ.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂි අංශ නවීකරණ වැඩ සටහනේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය යටතේ මෙම නිෂ්පාදනය කර ඇත.
එම මිරිස් අයිස්ක්‍රීම් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතාට පිරිනමනු ලැබීය.
මෙම මිරිස් අයිස්ක්‍රීම් අගය එකතු කළ නිෂ්පාදනයක් වශයෙන් වෙළෙඳපොළට හඳුන්වා දෙන අතර පැණි රස හා මිරිස් සැර එකට එකතු කර නවමු රසයක් මෙම අයිස්ක්‍රීම් රස විඳීමට හැකි බව ලංකාතිලක මහතා පැවසීය.
ඌව විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණික පීඨයේ මාර්ගොපදේශකත්වය යටතේ මෙම මිරිස් අයිස්ක්‍රීම් වට්ටෝරුව පිළිබඳ පර්යේෂණ සිදු කර ඇති අතර එම වට්ටෝරුව සාර්ථක වීම නිසා මෙම නිෂ්පාදනය වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.
බීජ ලබා ගැනීම සඳහා යොදාගන්නා වියලි මිරිස් වල පොත්ත උපයෝගී කර ගනිමින් මෙම අතුරු නිෂ්පාදනය කරනු ලබයි.දරුවන්ට හා වැඩිහිටියන්ට වශයෙන් නිෂ්පාදන විශේෂ දෙකක් හඳුන්වා දී ඇතී අතර ඉදිරියේ දී මෙම මිරිස් අයිස්ක්‍රීම් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බව රුවන් ලංකාතිලක මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
549
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1076
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිරිස් වලින් අයිස්ක්‍රීම් හදයි
Pradeep Kumara Sunday, 30 June 2024 09:49 AM
කුමන රසයෙන් නිපද වූවත් අයිස්ක්‍රීම් යනු හිතකර ආහාරයක් නොවේ. පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය බහුල ලෙස අඩංගුවන නිසා හැකි නම් මෙවැනි ආහාර වලින් වැලකී සිටින්න.
පිටිගල මිලානෝ Sunday, 30 June 2024 12:15 PM
අපායේ ඩෙසර්ට් එකට හොඳයි මිරිස් අයිස් ක්‍රීම්...