IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මරුවාට අත වනන මස්කෙළිය කම්බි පාලම

(සම්පත් ජයලාල්)

නුවරඑළිය අඹගමුවේ ගම්මාන 100කට අධික ප්‍රමාණයක දහස් ගණනක් පිරිස සහ පාසල් පහකට පමණ යන සිසු දරුවන් දෛනිකව ප්‍රයෝජනයට ගන්නා මස්කෙළිය ඔය හරහා මීට වසර 66කට පෙර ඉදිකරන ලද කම්බි පාලම ජනතාවගේ මරුකපොල්ලක් වී ඇතැයි ගම්වාසීහු චෝදනා කරති.

කෙහෙල්වරාව හා හිටිගේගම ගම්වල පිරිස් මස්කෙළිය ඔය හරහා ඉදිකර ඇති මෙම වු කම්බි පාලම වසර 10 ටත් වැඩි කාලයක් නිසි ප‍්‍රතිසංස්කරණයක් කර නැත.

මේ නිසා ප‍්‍රදේශයේ ජනතාව නිතර අනතුරුවලට මුහුණපාන බවත්, එහි දැඩි ජීවිත අවදානමක් පවතින බවත් ගම් වැසියෝ පෙන්වා දෙති.

නුවරඑළිය අඹගමුව ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයට අයත්, මෙම පාලම මතින් දෛනිකව හිටිගේගම, පොල්පිටිය, ගල්ගොඩහින්න ,මිණුවන්දෙනිය, පිටකන්ද ,කෙහෙල්වරාව, පල්ලේවත්ත, ඊරියදෙණිය, ලක්ෂපාන, මොරතොටයාවත්ත, මොරහේනේගම ආදි ගම්මාන රැසක ජනතාව ගමන් කරනු ලබති.

විශේෂයෙන්ම ලක්ෂපාන රෝහල වෙත යන රෝගීන් මෙන්ම, මාදෙණිය මහ විද්‍යාලය, ලක්ෂපාන මධ්‍ය මහා විද්‍යාලය, මොරතොටයාවත්ත කණිෂ්ඨ පාසල, මොරහේනේගම මහා විද්‍යාලය ආදි පාසල් කිපයක් සදහා ගමන් ගන්නා පාසල් දරුවන්ද මෙම පාලම මතින් ගමන් ගන්නා බව ඔවුහු පෙන්වා දෙති.

මේ වන විට දිරා ගොස් නිසා කොයි මොහොතක හෝ කඩා වැටෙනු ඇති බවට ජනතාව අනතුරු අඟවයි. මෙම නපුරුඇල්ල පාලම, කළුගල - හගරාපිටිය හා කළුගල - ලක්ෂපාන මාර්ග දෙකද යා කරයි.

මේ වන විට එහි ලෑලි දිරා ගොස් ගැලවී තිබෙන අතර, පසුගිය වසර 10 ක පමණ කාලයක සිට ගම්වාසින් විසින් ඔවුනොවුන්ගේ මුදල් එකතු කර හැකි ආකාරයෙන් පිළිසකර කර ගනිමින් පාලම භාවිතා කළත්, පවතින ආර්ථික තත්ත්වය හමුවේ තවදුරටත් එසේ කල නොහැකි බව ඔවුහු පවසති.

 



අදහස් (1)

මරුවාට අත වනන මස්කෙළිය කම්බි පාලම

Rama Monday, 12 August 2024 08:43 PM

ඔය පළාත ගැන දන්නේ ගාමිණී දිසානායක, නවීන් දිසානායක යන අයගේ බල ප්‍රදේශ හැටියට. අනික් මන්ත්‍රීලා, ඇමැතිලා ගැන මෑත කාලයේ ලොකුවට කියැවෙන නම් දන්නේ නෑ. අනික් අතට අපේ ආණ්ඩුව ගාසා තීරයට us ඩොලර් ලක්ෂ ගණන් ආධාර දෙන වෙලාවේ ඇයි මේවා පෙනෙන්නේ නැත්තේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site