IMG-LOGO

මරදාන - දෙමටගොඩ ඇතුළු ප්‍රදේශ 5කට ඇඳිරි නීතිය

 

වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන සහ දෙමටගොඩ පොලිස් බල ප්‍රදේශවලට නිරෝධයන ඇඳිරි නීතිය පනවා ඇතැයි‍ කො‍විඩ්-19 ‍වයිරස පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, බේරුවල සහ අලුත්ගම යන පොලිස් බල ප්‍රදේශවලටද ලබන සඳුදා (26) උදෑසන 5.00 වන තෙක් නිරෝධයන ඇඳිරි නීතිය පනවා ඇතැයි‍ එම නිවේදනයේ  සඳහන් වේ.



අදහස් (8)

මරදාන - දෙමටගොඩ ඇතුළු ප්‍රදේශ 5කට ඇඳිරි නීතිය

R.A.C.perera Saturday, 24 October 2020 12:54 AM

ගම්පහ ඉන්න අයගේ බැංකු ණය වලට සහනයක් දෙන්න. අදායමක් නැහැ ඒවා ගෙවන්න.

:       2       16

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 24 October 2020 02:04 AM

ගියවර එක්වර රටේම ඇඳිරි නීතිය දමා සාර්ථක ලෙස වයිරසය පාලනය කළ අයම බ්‍රැන්ඩික්ස් පොකුර ඇතිවූ වෙලේ එම ප්‍රදේශ වලට ක්ෂණික පියවරක් නොගෙන වෛරසය ව්‍යාප්ත වෙන්නට ඉඩ හැරියා. දැන් රටේම තත්වය බිහිසුණුයි.

:       3       26

ranaSaturday, 24 October 2020 04:46 AM

20 ට එල්ල වෙන විරෝධතා මග හැර ගැනීමට කොවිඩ් උවදුරට අපිව බිලිදුන්නා දෝ සිතේ....

:       0       4

wickySaturday, 24 October 2020 06:32 AM

මේ සැරේ 20 නිසා සමාජගන වෙලා නැහැ කියලනේ ඉන්නේ. දැන්වත් කළ යුතු විදිහට නිසි සැලැස්මක් යටතේ ක්‍රියාත්මක වුණා නම් හොඳයි. අනිල් ජාසිංහ මහත්තයා වගේ කෙළින් වැඩකරන, කොන්ද පණ තියෙන මනුස්සයෙක්, හමුදාවට වෛද්‍යමය කටයුතු සහ තීරණ ගැනීම් වලට අවශ්‍යයි.

:       0       0

කපුරු හාමිSaturday, 24 October 2020 01:38 PM

එහෙම කෙරුවේ ඡන්දෙ තියන්න තියෙන හදිසියට.

:       0       1

Akila Saturday, 24 October 2020 05:39 AM

අර පළවෙනි සැරේ වගේ මුලදීම මුළු ගම්පහටම ඇඳිරි නීතිය දැම්මා නම් මෙහෙම වෙන්නේ නැහැ. දැන් මේකෙන් කීදෙනෙක්ගේ ජීවිත නැති වේවිද?

:       0       0

සීමන් Saturday, 24 October 2020 06:38 AM

සමාජෙ නෑ තාම. හැදෙන අය සමාජෙන් බ්‍රැන්ඩික්ස් පොකුරට එකතු වෙනවා විතරයි. ඔයාල පැනික් නොවී ඉන්න. 20 ත් හරි. ඉතින් ඔයාලාට මොනවා වුණත් අපිට කමක් නෑ... මීට රට හදන සහ රකින..., ඕනෑ වුනොත් විකුණන විරුවා.

:       0       0

de silva Saturday, 24 October 2020 03:03 PM

මාර්තු, අප්‍රේල් මාසවල කොවිඩ් පරීක්ෂණ කරන්නේ නැතිව 30 - 40 එකට ජීවත්වන ශාලාවල නිරෝධායනය කිරීම සාර්ථක පියවරක් ලෙස සලකමින් කොවිඩ් මර්ධනය කරන්න කටයුතු කරපු නිසා රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් විශාල සංඛ්‍යාවක් හරහා රෝගය සමාජගත වුණා. දැන් මෙක ඇදිරිනීති ලොක්ඩවුන් කර විසදන්න බැහැ. කළහැකි එකම දෙය කඩිනම් ඉස්පිරිතාලවල පහසුකම් වැඩිදියුණු කරමින් රෝගයට සාර්ථක ලෙස මුහුණ දෙමින් මරණ සංඛ්‍යාව අවම කරගැනීම.. ඇදිරි නීති දැමීමෙන් සිදුවන්නේආර්ථිකය බිදවැටීම පමණයි. ඇදිරිනීති ඉවත්කරන අවස්ථාවෙදී ඇතිවන පෝලිම් සහ තදබදය හරහා කෝවිඩ් පැතිරීම සීඝ්‍රලෙස සිදුවෙයි

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 118 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 383 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site