IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


’’මරණයේ ඔරලෝසුව’’

(විමුක්ති එස් රුද්‍රිගු)

පුද්ගලයකුගේ දින චර්යාව මත පදනම්ව එම පුද්ගලයාගේ මිය යන දිනය පිළිබඳ අනාවැකි පළ කළ හැකි කෘතිම බුද්ධියෙන් බල ගැන්වුණු "මරණයේ ඔරලෝසුව" නම් යෙදුම පිළිබඳ බොහෝ දෙනා අතර මේ වනවිට කතා බහට ලක්ව ඇත.

"මරණයේ ඔරලෝසුව" යෙදුම පසුගිය ජූලි මාසයේදී කෘතීම බුද්ධියෙන් බල ගන්වා මුදා හැරි අතර මේ වනවිට පරිශීලකයන් 125,000 කට වැඩි පිරිසක් එය බාගත කරගෙන ඇතැයි පැවැසෙයි. මෙම වැඩසටහනට සෞඛ්‍යයට උනන්දුවක් දක්වන්නන් පමණක් නොව ආර්ථික විද්‍යාඥයින්ගේ සහ මූල්‍ය සැලසුම්කරුවන්ගේද අවධානයද හිමිව තිබෙන බව සඳහන් වේ. කෘතීම බුද්ධියෙන් බල ගැන්වීමත් සමග වඩාත් නිවැරදි අනාවැකි කීමට "මරණයේ ඔරලෝසුවට" හැකියාව ලැබී ඇතැයි පැවැසෙයි.

"මරණයේ ඔරලෝසුව" වැඩසටහන "මෝස්ට් ඩේස්" නම් වැඩසටහනේ නිර්මාතෘ මෙන්ම එහි ප්‍රධාන විධායක නිලධාරී බ්‍රෙන්ට් ෆ්‍රැන්සන්ගේ නිර්මාණයකි. මිලියන 53ක පමණ සහභාගිවන්නන් සමඟ ආයු අපේක්ෂා අධ්‍යයන 1,200කට වැඩි සංඛ්‍යාවක දත්ත කට්ටලයක් මත "මරණයේ ඔරලෝසුව" බලගැන්වුණු කෘතීම බුද්ධිය පුහුණු කර ඇති බවද පැවැසෙයි.

මරණය සිදුවිය හැකි දිනය පුරෝකථනය කිරීමට එය පුද්ගලයකු ගන්නා ආහාර, ව්‍යායාම, ආතති මට්ටම් සහ නින්ද පිළිබඳ තොරතුරු භාවිතා කරනු ලබයි. කෙසේ නමුත් කෘතිම බුද්ධිය සැමවිටම නිවැරදි නොවන බව පවසමින් "මරණයේ ඔරලෝසවට " මේ වනවිට විවේචන රාශියක් එල්ල වී ඇත.

 



අදහස් (5)

’’මරණයේ ඔරලෝසුව’’

වික්‍රම විද්‍රර Sunday, 01 December 2024 09:18 PM

අපිව අවුරුදු 76ක් තිස්සේ ලේ උරා බිබී හැදෙන අය 222ක් ඉන්නවා.. දවස කියන්නකෝ...

:       43       35

බකල ජයාMonday, 02 December 2024 12:04 AM

සීනුව නාද වෙන්නේ කවුරු වෙනුවෙන්දැයි නොසොයන්න. ඒ ඔබ වෙනුවෙන් නද දෙනවා විය හැකිය - අර්නස්ට් හෙමින්වේ

:       0       17

kumaraMonday, 02 December 2024 10:53 AM

ඉතිරි 4 දෙනා බොන්නේ මව් කිරිද?

:       13       7

Ven.D.Revatha Thero Monday, 02 December 2024 08:32 AM

තවත් හෙන මගෝඩියක් එනවා. බේරියල්ල. මෙරට පට්ට පත් මෝඩයන්ට මොක ආවත් මුන් ඉහ මුදුනින් පිලිගන්නවා. බෝන් එගේයින් වගේ තමයි. මෙරට හරක්.

:       12       7

බකල ජයාMonday, 02 December 2024 07:21 PM

හරිම විනයානුකූල භාෂා භාවිතයක්. සතුටුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site