(රංජන් කස්තුරි)
රුපියල් කෝටි 6000ක පමණ මුදලක් යොදවා මෙරට ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 200ක ධාරිතාවයක් එක්කළ හැකි මහා පරිමාණ විදුලි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ලෝකප්‍රකට පුනර්ජණනීය බලශක්ති සමාගමක් වන GCl ආයතනය කටයුතු යොදා තිබේ.
මෙගාවොට් 50 බැගින් වන සූර්ය බල විදුලි ව්‍යාපෘති දෙකක් සහ මෙගාවොට් 50 බැගින් වන සුළං බල විදුලි ව්‍යාපෘති දෙකක් වශයෙන් මෙම මහා පරිමාණ විදුලි ව්‍යාපෘති මෙරට ස්ථාපිත කිරීමට නියමිත බව ශ්‍රී ලංකාවේ දූත මණ්ඩල ප්‍රධානී සහ උපදේශක කර්නල් (විශ්‍රාමික) මහින්දරත්න තෙන්නකෝන් මහතා පැවසීය.
ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් හෙවත් රුපියල් කෝටි 6000ක පමණ වියදමකින් මෙම දැවැන්ත විදුලි ව්‍යාපෘතිය ආරම්භ කළ පසුව ශ්‍රී ලංතාවේ විදුලිය හිඟයට කදිම පිළිසරණක් ලැබෙන බවද තෙන්නකෝන් මහතා කීය.
මෙම විදුලි ව්‍යාපෘතියට අදාළ යෝජනාව මේ වන විට ජනාධිපතිවරයාට විදුලිබල සහ බලශක්ති ඇමතිවරයාටත් සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමතිවරයාටත් ලබා දී තිබෙන බවද මහින්දරත්න මහතා කිය.
GCl යනු ලොව ප්‍රමුඛ පුනර්ජණනීය බලශක්ති සමාගමක් වන් අතර ඒකාබද්ධ බලශක්ති සේවා සපයන්නකුද වේ.
මෙම මහාපරිමාණ විදුලි ව්‍යාපෘතියේ පහසුකම් සපයන්නා ලෙස මාවී ඇග්‍රෝ ලංකා ඉන්ටර්නැෂනල් ආයතනය කටයුතු කරයි.
2025 දෙසැම්බර් මස 18
550
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1076
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෙරට විදුලි පද්ධතිය නංවන්න GCl එක්වෙයි
සුදේව හරින්දුනාත් Tuesday, 06 June 2023 09:16 PM
මම පටන්ගෙන තියනවා මහා මර්ගවල ඉන්ටලොක් ගල්වලින් විදුලිය ජනනය වන ක්‍රමය. එය ඉදිරියට නොගැනීම කණගාටුයි..
Demuni Uduwara Wednesday, 07 June 2023 04:51 AM
රජය විසින් පාර්ලිමේන්තුව දැනුවත් කර තිබේද?