IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි

(විමුක්ති එස් රුද්‍රිගු)

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පසුගියදා නිකුත් කළ "2024 ශ්‍රම බළකා සමීක්ෂණ වාර්තාව" අනාවරණය කළේය.

එම පිරිස ප්‍රතිශතයක් ලෙස සියයට 71.1 බවත් ඔවුන්ට රැකියාවක් කිරීමට හෝ රැකියාවක් සෙවීමට බලාපොරොත්තුවක් නොමැති බවත් එම වාර්තාව හෙළි කළේය.

එසේම මෙරට රැකියාවක නියුතුවන වයසේ සිටින පිරිමි ලක්ෂ 26කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවද ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පැවැසුවේය.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ එම වාර්තාවට අනුව පසුගිය වසරේදී මෙරට ආර්ථික වශයෙන් අක්‍රීය සමස්ත ජනගහනය මිලියන 9.23 ක් වන අතර ඔවුන්ගෙන් මෙරට ශ්‍රම බළකායට කිසිම සහභාගීත්වයක් නොලැබේ.

2023 වසරේදී මෙරට ආර්ථික වශයෙන් අක්‍රීය ජනගහනය මිලියන 8.89 ක් ලෙස සටහන් වූ අතර ඊට සාපේක්ෂව පසුගිය වසරේදී මෙරට ආර්ථික වශයෙන් අක්‍රීය ජනගහනය 334,001 කින් ඉහළ ගොස් ඇත. එසේම 2023 වසරේදී මිලියන 6.37 ක කාන්තාවන් පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය ජනගහනයට අයත්ව සිටි අතර පසුගිය වසරේදී එය 185,398 කින් මිලියන 6.56 දක්වා ඉහළ ගොස් තිබිණ. 2023 වසරේදී මෙරට ආර්ථික වශයෙන් අක්‍රීය ජනගහනයෙන් මිලියන 2.52 ක් පිරිමි පුද්ගලයන් වූ අතර ඊට සාපේක්ෂව පසුගිය වසරේදී ආර්ථික වශයෙන් අක්‍රීය පිරිමි පුද්ගලයන් සංඛ්‍යාව 148,602 කින් ඉහළ ගොස් ඇත.

 



අදහස් (19)

මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි

සාලිය Tuesday, 13 May 2025 11:08 PM

එයාලා ටික්ටොක් කරනවා, බයික් පදිනවා වේගෙන්, තව තියනවා හපන්කම්.

:       0       24

කව්ද බෝයි Tuesday, 13 May 2025 11:30 PM

මේවා කියවලා මගෙ ඔළුවත් කකියනවා. අක්‍රීය ලක්ෂ 65 තරුණයෝද, තරුණියෝද, ඒ දෙකටම නැති කට්ටියද?

:       1       12

Neela Tuesday, 13 May 2025 11:32 PM

ආර්ථික වශයෙන් අක්‍රිය තරුණ ජනතාව තමා නිකං කන්න මාලිමාවට ඡන්දය දුන්නේ.

:       10       13

Lal Wednesday, 14 May 2025 12:14 AM

ඔය මිලියන 9.23 ම ජෙප්පෝ .... කාලකන්නි

:       12       12

Ajith Wednesday, 14 May 2025 01:26 AM

වෙන රටවල ලමයි අවුරුදු 18ක් වෙද්දි ගෙදරින් යනව. ඒ නිසා ඒ අයට ජීවත් වීමට අනිවාර්යෙන් රැකියාවක් කල යුතුයි. ලංකාවෙ සමහර අය මැරෙනකන් දෙමව්පියන්ගෙන් කකා බිබී ඉන්නව. රටේ දියුනුවට මෙය වෙනස් කල යුතුයි.

:       0       22

Hafiz Wednesday, 14 May 2025 03:11 AM

හන්දි පාලුවොන්ට, බෝක්කු පාළුවොන්ට, බිලිංල එන්සිනාල දයාවතීලට තව අස්වැසුම දෙමු..

:       0       24

daranagama Wednesday, 14 May 2025 05:25 AM

මේ තරම් දුරට මෙම දෙපාර්තමේන්තුව නිගමනයකට එළඹෙන්නේ කෙසේද? ඔවුන් සරල සමීක්ෂණයක්වත් පවත්වා නැත. අපට ලබා දී ඇති පෝරම තවමත් එකතු කර නොමැත.

:       2       4

සිල්වා Wednesday, 14 May 2025 07:39 AM

මෙම වාර්තාවේ කරුණුවලට අනුව රට ආර්ථික අර්බුදයකට ලක්ව තිබීම පුදුමයක් නොවේ. මෙම වාර්තාවේ ඉතිරි කොටස හැටියට මෙම තත්වයට හේතුව නොපමාව සොයා විසදිය යුතුය.

:       0       13

අජිත් Wednesday, 14 May 2025 07:49 AM

තව තවත් අපේ බදු සල්ලිවලින් "අස්වැසුම " දීපල්ලා... ⁣සහනාධාර දීපල්ලා..ඒ බරත් බදු ගෙවන අපිටම පටවපල්ලා...

:       0       16

පොඩිඑකා Wednesday, 14 May 2025 08:26 AM

අපේ හොදම තරැණ ශ්‍රමය යන්නෙ ත්‍රීවීල් එලවන්න, පික්මී ෆූඩ් සහ උබර් ඊට්ස් වලට. ඉතිං රටක් හැදෙයිද?

:       0       18

අනා Wednesday, 14 May 2025 08:59 AM

ඔය දෙපාර්තුමේන්තු ඔය සංඛ්‍යාෙල්ඛන ගන්නේ 18 වැඩි අයගෙන්. අවු. 18 අයගෙන් වැඩි හරියක් පාසල්වල 12 - 13 පංතිවල ඉගෙන ගන්නවා. අවු 20 විතර වෙනකම් දෙවන වර උසස්පෙළ ලියනවා. විශ්ව විද්‍යාල ප්‍රෙව්ශය එනකම් ඉන්නවා. කාන්තාවෝ රැකියාවක නියුතු නොවුනාට රැකියා කරන පිරිමින්ට සවියක් වෙමින් ගෙදර දොර වැඩ කරනවා. මේවා නොසලකන නිකම්ම නිකං දත්ත වලින් රටකට වැඩක් තියෙනවා ද

:       3       9

Lalla Wednesday, 14 May 2025 08:59 AM

තවත් අස්වැසුම සමෘද්ධිය වැඩිපුර දෙන්න. ඒ අපරාධය සිදුකර ඉන්පසුව ප්‍රතිඵලය ගැන දුක්වෙලා පලක් නෑ. හම්බ කරන අයට බදුගහල නිකමුන්ට සහනාධාර දීම නවත්තන්න.

:       0       14

Kapz Wednesday, 14 May 2025 09:19 AM

ආ කමක් නෑ ඔක්කෝටම අස්වැසුම දෙමු අපි ගෙවන්නම්

:       0       0

පිස්සු යකෙක් Wednesday, 14 May 2025 09:31 AM

තව තව ත්‍රී වීල් ගෙනල්ලා ඉතුරු ටිකත් පාරේ හන්දියක් හන්දියක් ගානේ ඔහේ වේලි වේලි ඉන්න හදාපල්ලා. ජීවිතයේ හොදම කාලේ නිකමෙක් වෙලා රටේ වැඩකරන ජනතාව ගෙවන බද්දෙන් ජීවත් වෙයල්ලා කරුමේ

:       0       0

සිල්වා Wednesday, 14 May 2025 09:39 AM

රැකියා විරහිත තරුණ තරුණියන් නිපැයුම ශ්‍රේෂ්තර වලට යොමු කල යුතුය.

:       0       0

nihal rupasingha Wednesday, 14 May 2025 09:48 AM

නිකන් ඉන්න උන්ට රජයෙන් පිනට කන්න දීමේ ප්‍රතිපල

:       0       14

don Wednesday, 14 May 2025 10:03 AM

දැන් මේ නව යුගයේ කොල්ලෝ කැල්ලෝ ඔක්කොම මෙලෝ හැකියාවක් නැති උනත් පොඩි රස්සාවක් කරන්න කැමති නෑ. ඔක්කොම කැමතියි ෆෝන් ඔබා ඔබා ජොලියේ ඉන්න. පොල් කඩන්න , ගොවිතැන් කරන්න, කූලී වැඩ කරන්න, ගෙවල් වල වැඩ කරන්න, මාලු අල්ලන්න වගේ දේවල් කරලා කීයක්හරි හොයන්න කැමති නෑ. ඔක්කොම හදන්නේ ෆෑන් එකක් දාගෙන සැප පුටුවකට වෙලා ෆෝන් ඔබ ඔබා ඉන්න. ඒ වෙලාවේ පොල් කැඩුවා නම් කීයක් හොයන්න පුළුවන්ද...

:       1       13

himal Wednesday, 14 May 2025 11:30 AM

ඔතැන ප්‍රශ්නේ බිරිඳක්, ගෘහණියක් ලෙස කරන සේවය සේවා නියුක්තියක් ලෙස නොගැනීම. හරියට අම්මා දරුවට කිරි දුන්නාම, ගෙදර දොරේ වැඩ පළ කරාම, වත්තේ පිටියේ වැඩක් කරාම ඒක අක්‍රීයයි. හැබැයි අම්මා ගෙදරට ගෘහ සේවිකාවක් ගත්තා නම් ඒ වැඩ ටිකම කරාම ඒක සේවා නියුක්තිය...

:       1       7

බලංනිකා Wednesday, 14 May 2025 03:40 PM

ඔව් ඉතින් ඒ අය තමා ලයික් බටන් ඔබ ඔබා මාලිමාවට කඩේ ගියේ.. මේකටත් එයි දැන් බටන් ඔබ ඔබා සත්‍රීය බව පෙන්නන්න...

:       6       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 538 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 117 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 322 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site