(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරටුව මුරවත්ත ප්‍රදේශයේ වෙරළ තීරයට ගොඩගසා තිබූ නිරුවත් පිරිමි මළ සිරුරක් අද (7) හමු වූ බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි
මෙලෙස මියගොස් තිබුණේ රත්මලාන රජ මාවත පාර පදිංචිව සිටි එස් සෙල්ලව රාජ් නැමැති 63 හැවිරිදි පුද්ගලයෙකි
මියගිය පුද්ගලයා ඊයේ (6) දහවල් රත්මලාන දුම්රිය ස්ථානය අසල මුහුදු තීරයේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි
නාවික හමුදාව සහ පොලිස් කිමි දුම්කරුවන් අතුරුදන් වූ පුද්ගලයා සොයා මෙහෙයුමක් දියත් කලද ඊයේ (6) සොයා ගැනීමට නොහැකි වී ඇත
මියගිය පුද්ගලයා ඥාතීන් විසින් හඳුනා ගත් බවත් ඔහුගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇත
මොරටුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් පැන්සිස් මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ
2025 දෙසැම්බර් මස 18
604
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මොරටුව වෙරළේ මළ සිරුරක්