IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මැරිච්ච සීයාගේ කීමට වැඩ කළ මුණුපුරා අත්අඩංගුවට

(අයි ආර් ඉන්දික)

සීයා හිනෙන් කියු මැණික් මුට්ටියක් ගැනිමට හතරවටේ බිත්ති බැඳ ඒ තුල වලක් හාරා නිදන් සෙවු පුද්ගලයකු අත්අඩංගුවට ගැනිමට මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශණ ඒකකයේ නිළධාරිහු පිරිසක් සමත්වුහ.

බුත්තල කරවිල කනත්ත ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු නිවසට යාබදව කාමරයක් මෙන් බිත්ති බැඳ එහි අඩි හයක පමණ ගැඹුරට වළක් හාරා ඇති අතර කිසිවකුටත් නෙපෙනෙන ලෙස මෙම වල ලෑලි අතුරා වසා දමා තිබි ඇත .

කොළඹ පුරාවිද්‍යා අධ්‍යක්ෂ කාර්යාලයට ලැබුනු දුරකථන ඇමතුමක් අනුව මෙම ස්ථානය පරික්ෂාවට ලක් කරන මෙම ඒකකයට තොරතුර ලබාදි ඇති අතර ඒ අනුව ක්‍රියාත්මක වු නිළධාරින්  නිවස ආශ්‍රිතව සිදුකළ පරික්ෂාවකදි මෙම කාමරය තුළ වසා දමා තිබු වළ හමුවී තිබේ පුජා බඩු, පහන් ,වළ හෑරිමට යොදාගත් උපකරණ සමග සැකකරු බුත්තල පොලිස්ථානයට ඉදිරිපත් කර ඇති අතර සිද්ධිය සම්බන්යෙන් වැඩිදුර පරික්ෂණ බුත්තල පොලිසිය  සිදුකරයි.

.



අදහස් (4)

මැරිච්ච සීයාගේ කීමට වැඩ කළ මුණුපුරා අත්අඩංගුවට

මයන්ත Tuesday, 07 March 2023 05:05 PM

මේ මොන විහිලුද. හීනෙන් කියපු දේ අනුව මුනුබුරා පමනක් නොව රජයේ නිලධාරින්ද වැඩකරලා. මොඩයෙක් වලක් හැරුවම ඒක අල්ලන්න ගිහින් රජයට කළ වියදම නිලදාරින් ගෙන් අයකරගත යුතුයි.

:       0       1

Bamunuarachchi Tuesday, 07 March 2023 05:45 PM

මේ වගේ මැට්ටෝ ඉන්න රටක්ද දියුණුවෙයි කියලා හිතන්නේ? මේත් ජෙප්පෙක් තමයි. හේතුව කව්රුත් කියන දේ වගවිභාගයකින් තොරව විස්වාස කිරීම.

:       0       1

Anura Tuesday, 07 March 2023 06:08 PM

ඔය ආච්චිට කීවානම් මල්ලක දාලා ඉස්සරහින් තියනවා .ගේ බිඳින්න ඕන නෑ

:       0       0

Piyal weerasinghe Wednesday, 08 March 2023 09:06 AM

සිහින අස්සේ ගියා නම් අද අපි සුපිරි කොටිපතියෝ. මෙහෙමත් අන්ධ විශ්වාස පස්සේ යන මිනිස්සු ඉන්න එක ගැනයි දුක....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 389 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site