(නිමල කොඩිතුවක්කු)
මාර්ග අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයන් 08 දෙනෙකු පමණ මරණයට පත්වන බවත් 2017 වසරේදි පමණක් පුද්ගලයන් 3153 දෙනෙකු මේ හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.
රිය අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව වසරින් වසර ඉහළ යාම නිසා මාර්ග අනතුරු වළක්වා ගැනීමේ සැළසුම් සහගත වැඩපිළිවළක් ක‍්‍රියාත්මක කළ යුතුව ඇතැයිද එම අමාත්‍යාංශය සදහන් කරයි.
රිය අනතුරු හේතුවෙන් මිය යන සංඛ්‍යාවෙන් වැඩිම පිරිස අවුරුදු 15ත් 44ත් අතර වයසේ පසුවන රටේ සංවර්ධනයට උරදෙන ශ‍්‍රම බලකායේ සාමාජිකයන් වේ.
මරනයට පත්වන පිරිසට අමතරව තවත් බොහෝ පිරිසක් අබාධිත තත්වයට ලක්වේ.
අධික වේගයෙන් රිය පැදවීම, බීමත්ව රිය පැදවීම, ජංගම දුරකතන භාවිත කරමින් රිය පැදවීම, මාර්ග නීති පිළි නොපැදීම, මෙම රිය අනතුරු වලට මූළිකව බලපා ඇතැයිද සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
335
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාර්ග අනතුරු නිසා දිනකට පුද්ගලයින් 8 ක් මිය යනවා