IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


මිය ගිය හඳුන් දිවියකුගෙ සිරුරක් තේ වත්තක

( රංජිත් රාජපක්ෂ)

තේ වත්තේ ළදු කැලැවක මියගොස් සිටි හොදින් වැඩුණු හදුන් දිවියෙකුගේ සිරුරක්  සොයාගත් බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

හැටන් නොර්වුඩ් පොලිස් වසමට අයත් බ්ලින්කිබොනි වතු යායේ තේ වත්තේ ළදු කැලැවක හදුන් දිවියෙකුගේ සිරුරක් ඇති බවට එම වතු යායේ වතු කම්කරුවන් පොලිසිය හරහා ලබාදුන් තොරතුරක් මත මියගිය හදුන් දිවියාගේ සිරුර සොයාගත් බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේය.

අවු 06 පමණ වයසැති හොදින් වැඩුණු හදුන් දිවියා පිරිමි සතෙකු බවත්, තේ වත්තේ සැරිසරන තවත් හදුන් දිවියෙකු සමග සිදු වි ඇති ගැටුමක් නිසා හදුන් දිවියා මිය යන්නට ඇති බවට මිය ගිය හදුන් දිවියාගේ සිරුරේ තිබෙන තුවාල අනුව සැකකරන බවයි වනජිවි නිලධාරින් කියා සිටියේ.

මියගිය හදුන් දිවියාගේ සිරුර වනජිවි නිලධාරින් විසින් නල්ලතන්නිය වනජිවි කාර්යාලයට ඊයේ (01) දින රාත්‍රියේම රැගෙන ගොස් ඇත.

මිය ගිය හදුන් දිවියාගේ සිරුර සම්බන්ධයෙන් නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පරික්ෂණ පවත්වයි.

 



අදහස් (0)

මිය ගිය හඳුන් දිවියකුගෙ සිරුරක් තේ වත්තක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30950 33


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13082 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10935 30


මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 863 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 257 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 905 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site