(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආණ්ඩුව ඇතුළේ ස්වාධීන වෙනවානම් ඒ ගැන කල්තියා දැනුම් දෙන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
තමා තවමත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු බවද ඔහු කීවේය.
ඔහු මෙසේ පැවසුවේ ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ රෙගුලාසි පිළිබඳ විවාදයේදී විපක්ෂයේ මන්ත්‍රීවරයකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ජනතා සම්මුතිය තවදුරටත් නොලැබෙන්න ඔබලාගේ අතීතය හොඳටම ප්‍රමාණවත් බවද නානායක්කාර මහතා කීවේය.
"අපිට ඕනේ නැහැ අලුත් දේවල්" යැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්:
බලමු .. බලමු ..ඉදිරියේදී මොකද වෙන්නේ කියලා
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
‘‘මම තාමත් ආණ්ඩුවේ‘‘
සිල්වා Wednesday, 23 March 2022 06:03 PM
මම හැමදාම ආණ්ඩුවේ නැතිනම් මට යන එන මං නැතිවෙනවා.
ABWednesday, 23 March 2022 07:17 PM
පුළුවන් තරම් කල් අල්ලගෙන ඉන්න. දේශපාලකයින් නිසා අසරණව සිටින ජනතාව ඉදිරි මැතිවරණයේදී කුමක් කරාවිද කියා කිසිකෙනෙකුට කිව නොහැක.
කිරි පුතා Wednesday, 23 March 2022 06:49 PM
ජනතා මුදලින් යැපි යැපී නොඉඳ ගෙදර ගිහින් මාධ්‍යවලට කතා පවත්ව පවත්වා කටින් බතල කොළ හිටව හිටවා හිටියා නම් සැඳෑසමයට හොඳයි...!
fairoos Wednesday, 23 March 2022 07:12 PM
මේ රටේ වහල්ලු ඉන්නකන් ඔයාලා ගොඩ...
Shan Wednesday, 23 March 2022 07:22 PM
තවත් ඉන්නවා නේද? හ්ම්...
Kalutara Maha Karu Wednesday, 23 March 2022 08:46 PM
ආණ්ඩුවේ හිටියත් එකයි, ගියත් එකයි...
Kumara Wednesday, 23 March 2022 09:48 PM
තව ටික දවසකින් ගුටි කනවා... වයසයි කියලා බලන්නේ නැහැ..
chandima Wednesday, 23 March 2022 09:59 PM
අපි ඡන්දෙ දෙනවා. මේ ගොල්ලෝ විකාර කරනවා. පින් පඩි අරන් ජොලි දානවා. මේ ගොල්ලෝ රට සංවර්ධනය කරන්න නියෝජිතයෝ හැටියට පාර්ලිමේන්තු යවලා අපේ සල්ලිවලින් පඩිනඩි, යානවාහන දුන්නු එක පාපයක්...