IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘මිනී පෙට්ටි අවන්හලක්‘

(විමුක්ති එස් රුද්‍රිගු)

ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව "මිනී පෙට්ටි අවන්හල" නමින් අවන්හලක් පසුගිය සැප්තැම්බර් මාසයේදී වීවෘත කර ඇත.

ජපානයේ ෆුට්සු නගරයේ පිහිටි අවුරුදු 120ක් පැරණි කජියා හොන්ටෙන් මල් ශාලාවේ බිම් මහළේ "මිනී පෙට්ටි අවන්හල" පිහිටි තිබේ. මේ වනවිට ෆුට්සු නගරවාසීන් අතර මෙන්ම ජපාන වැසියන් අතරද මෙම අවන්හල බෙහෙවින් ප්‍රසිද්ධ වී ඇත.

"මිනී පෙට්ටි අවන්හල" පැමිණෙන පාරිභෝගිකයන්ට තෝරා ගැනීමට පැකේජ තුනක් ලැබෙන අතර ඒ ඒ පැකේජයට ලැබෙන මිනී පෙට්ටි වර්ග එකිනෙකට වෙනස් වේ.

රත්රන්, කොළ සහ කහ ලෙස එම පැකේජ නම් කර ඇති අතර ඒ සඳහා අය කිරීම ඇමෙරිකානු ඩොලර් 14 ( ශ්‍රී ලංකා රුපියල් 4000 ක් පමණ) සිට ආරම්භ වේ.

මෙම අවන්හලට පැමිණෙන්නෙකුට මියගිය ලෙස මිනී පෙට්ටියක හාන්සි වී තමන් එතෙක් ගෙවූ ජීවිතයත් මරණය කෙබඳුවේද යන්නත් පිළිබඳව සිතීමට කජියා හොන්ටෙන් මල් ශාලාව සිය පාරිභෝගිකයන්ට අවස්ථාව ලබාදී ඇත.

මල් ශාලාවේ පහත මාලයේ අවන්හල් පිහිටා ඇතත් සැබෑ අවමගුල් වලට පැමිණෙන පුද්ගලයන්ට නොපෙනෙන අයුරින් මෙම අවන්හල නිර්මාණය කර ඇති බවද පැවැසෙයි.

 ආදරවන්තයින් මෙම අවන්හලට වැඩි වශයෙන් පෙමිණෙන බවත් පිරිමිය සහ කාන්තාව මිනී පෙට්ටියක හාන්සිවී අත් අල්ලාගෙන ජීවිතය සහ මරණය ගැන කල්පනා කිරීමට පුරුදු වී ඇති බවද සඳහන් වේ.



අදහස් (2)

‘මිනී පෙට්ටි අවන්හලක්‘

අපාය සහාය Sunday, 17 November 2024 02:42 PM

ආදරවන්තයින් එන්නේ නම් මරණය ගැන සිහිකරන්න කියලා හිතන්න අමාරුයි. විවාහයෙන් පස්සේ ජීවිතය ගැන හිතන්න වෙන්න ඇති...

:       2       16

Perera Monday, 18 November 2024 07:47 AM

ඕනෑම මලවිකාරයකට මුදල් වියදම් කරන්න සූදානම් බූරුවොත් ලෝකේ ඉන්නවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site