
(මනෝප්‍රිය ගුණසේකර)
දුප්පත්කම දඩම්මා කරගෙන ජීවිතය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති බාල වයස්කාර දරුවන් වහල් භාවයට පත් කරමින් ශ්‍රමය සූරාකන මිනිස් වෙළෙඳාම් කිරීම මනුෂ්‍යත්වයට නොගැලැපෙන තීරස්චීන ක්‍රියාවක් බව පෙන්වා දුන් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා මිනිස් වෙළෙඳාම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු කල්මුණේ ප්‍රදේශයේ පදිංචි තිදරු පියකුට බරපතල වැඩ සහිත වසර 12ක සිර දඬුවම් අද (10) නියම කළේය.
විදේශ ගතවී මාස දෙකක් ගත වීමටත් පෙර හාම්පුතුන්ගේ හිරිහැරයට ලක් වුවත් ජීවිතය රැකගෙන යළි මෙරටට පැමිණීමේ වාසනාව ඇයට හිමි වු බව පෙන්වා දුන් විනිසුරුවරයා එසේ නොවුවානම් අඩු වයසින් විදේශ ගතවී ජීවිතය පූජා කළ රිසානා දැරියට අත් වූ ඉරණමම මෙම දැරියට ද අත්වීමට බොහෝ දුරට ඉඩ තිබුණේ යැයි ද පෙන්වා දෙමින් අදාළ දඬුවම් නියම කළේය.
විත්තිකරුට රුපියල් 25,000/-ක දඩයක්ද මිනිස් වෙළෙඳාමට හසුවු බාලවයස්කාර දැරියට රුපියල් ලක්ෂ තුනක වන්දියක්ද ගෙවීමට නියම කළ විනිසුරුවරයා දඩ සහ වන්දි මුදල් නොගෙවුවහොත් තවත් වසර 1 1/2ක සිරදඬුවමක්ද නියම කළේය.
2025 නොවැම්බර් මස 04
790
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2445
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මිනිස් වෙළෙඳාම් කළ තිදරු පියා වසර 12ක් සිරගෙට