IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


මිනිස් ජාවාරම සඳහා බෝට්ටු යොදා ගැනීම නැවැත්වීමට නව නීතී පැනවීමට යයි

මිනිස් ජාවාරම සදහා ධිවර බෝට්ටු යොදාගැනීම නැවත්වීමට නව නීති සම්පාදනය කරන බව  ධීවර රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා පවසයි.
 
මෙම ගැටළුකාරී  තත්ත්වය ඉතාමත් බරපතල බැවින් ඒ සම්බන්ධයෙන්  පියවර ගැනීමට නීතීපතිවරයා ඇතුළු  වගකිව යුතු පාර්ශව සමඟ සාකච්ඡා සිදු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
 
 මිනිස් ජාවාරම සදහා ධීවර බෝට්ටු යොදාගැනීම හේතුවෙන් බහුදින ධීවර යාත්‍රා හිමිකරුවන් මුහුණ දී සිටින ගැටළු පිළිබදව  අද (13)  පැවැති  විශේෂ සාකච්ජාවදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
 
 මෙම තත්වය පාලනය කිරීමට අවශ්‍ය වුවහොත් දැඩි දඩුවම් පැමිණවීමට මෙන්ම නව නීති හදුන්වා දී , නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට රජයක් ලෙසත් ධිවර ජනතාවගේ අනාගතය මෙන්ම රට ගැන සිතා කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
 
 මේ සදහා බහුදින ධීවර යාත්‍රා හිමිකරුවන් , ධීවර කාර්මිකයින් ඇතුළු 50 දෙනෙකු පමණ එක්ව සිටියහ. 
 
 මෙම  මිනිස් ජාවාරම රටට මෙන්ම සමස්ථ ධිවර කර්මාන්තයට විශාල ගැටළු මතුකරන බවත් එය   රටට විශාල අපකීර්තියක් ගෙන දෙන්නක් බවත්  පැමිණ සිටි ධීවරයෝ අමාත්‍යවරයාට පැවසුහ.
 
 බුද්ධි අංශ සහ ආරක්‍ෂක මුරකාවල් මග හැර මෙලෙස මිනිස් ජාවාරම බාධාවකින් තොරව ක්‍රියාත්මක වීම පිටුපස අදිසි හස්තයක් ඇතැයි සැකකරන  බව සඳහන් කළ බහුදින ධීවර යාත්‍රා හිමිකරුවන් ඇතුළු පිරිස ඉල්ලා සිටියේ වහා රජය මැදිහත් වී මෙම ජාවාරම පාලනය කරන ලෙසයි.
 
එම ඉල්ලීම අනුව අමාත්‍යවරයා  මේ සඳහා මැදිහත්වී කටයුතු කරන බව සඳහන් කළේය.
 
 නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් , විදේශ කටයුතු අමාත්‍යංශය , ශ්‍රී ලංකා පොලිසිය , නාවික හමුදාව ඇතුළු වගකිවයුතු ආයතන සහ ධිවර දෙපාර්තමේන්තුව ඇතුළු ධිවර අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ  කඩිනමින් සාකච්ජාවක් කැඳවා නිසි පියවර ගැනීමට ද එහිදී තීරණය කෙරිණි. 

(36698)



අදහස් (0)

මිනිස් ජාවාරම සඳහා බෝට්ටු යොදා ගැනීම නැවැත්වීමට නව නීතී පැනවීමට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16881 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 663 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site