(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බිරිඳ මිය යාමෙන් පසු 11 හැවිරිදි දරුවා සමග තනි වීමෙන් අනතුරුව මානසික ව්‍යාකූල තත්ත්වයට පත්ව සිටි 47 හැවිරිදි පෞද්ගලික ආයතනයක කළමනාකරු අංගොඩ මානසික රෝග විද්‍යායතනය ( මානසික රෝහලේ) ප්‍රතිකාර ලබමින් සිටියදී හදිසියේ මිය යාම සම්බන්ධයෙන් සැකපිට එම රෝහලේ සෞඛ්‍ය කාර්යය සහයකයන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි.
මියගිය පුද්ගලයාට පහර දීමට යොදා ගත් බවට සැක කරන දෙකට වෙන් වූ කොසු මිටක් ද පොලිස් බාරයට ගෙන ඇත.
මෙලෙස සැක සහිත අයුරින් මියගොස් තිබුණේ පාදුක්ක වටරැක සමනලතැන්න පදිංචිව සිටි 47එක් දරු පියෙකි.
මීට සතියකට පමණ එහි ඉහත දී පවුලේ ඥාතීන් විසින් මියගිය පුද්ගලයා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබූ බව පොලිසිය කියයි.
මියගිය අය ඉකුත් විසිපස් වෙනි දින නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති අතර ඔහුව පාලනය කිරීම යාමේදී බිම ඇද වැටුණු බව රෝහල් සේවකයන් විසින් පවසා තිබූ බව පොලිසිය කියයි.
අදාළ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද පැවැත්විණි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මානසික අවුලෙන් සිටි පියාගේ මරණයට රෝහල් සේවක දෙකක් සැකපිට
නිහාල් Saturday, 29 July 2023 02:02 PM
අවුරුදු ගාණකට කලින් දැකපු දෙයක් මේ. මේ රෝහලේ කම්කරුවන් තමන්ට පැවරුන කම්කරු වැඩ බලහත්කාරයෙන් රෝගීන්ගෙන් කරවා ගන්නවා. නොකළොත් කුඩා පොලුවලින් පහර දෙනවා. මොවුන් හුඟදෙනෙක් දේශපාලන හෙන්චයියන්...