IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මනුෂගේ ඇපෑල විසි වෙයි

(රෝෂන් තුෂාර)

පූර්ව ඇපයක් නියමකරන්නැයි ඉල්ලා හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඉදිරිපත් කළ පෙත්සම නිශ්ප්‍රභ  කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා  ලක්මාලී මහත්මිය අද (22) නියෝග කළාය.

දකුණු කොරියාවේ කෘෂි හා ධීවර කටයුතු රැකියා  සඳහා ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයින් සැපයීමේ "ඊ 8 විසා ගිවිසුම" සම්බන්ධයෙන් විමර්ශනය කරන රහස් පොලිසිය තමන්ව  අත් අඩංගුවට ගැනීමේ අවධානමක් ඇති බැවින් අත්අඩංගුවට ගතහොත් ඇප ලබා ගැනීමට හැකිවන පරිදි පූර්ව ඇපයක් නියම කරන ලෙස ඉල්ලා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා සහ තැනැත්තන් වෙළඳාම් හා ජාවාරම් කිරීමේ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති වග උත්තරකරුවන් කරමින් පැවරූ පෙස්සම මෙසේ නිෂ්ප්‍රභ කෙරිණි.

ඊයේ(21) දින රහස් පොලිසියට ගොස්  ප්‍රකාශයක් ලබා දුන් මනුෂ නානායක්කාර මහතා අදාළ පෙත්සමය පවරා පවත්වාගෙන යෑමට අදහස් නොකරන බැවින් ඉල්ලා අස්කර ගන්නා බවට නීතිඥ  ජනදීස රණසිංහ මහතා අධිකරණයට කළ කරුණු  සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළාය.

නානායක්කාර මහතා විසින් මෙම පෙත්සම පසුගිය 15 දින අධිකරණයට ඉදිරිපත් කළ අතර පෙත්සමේ වග උත්තරකරුවන්  නම් කර තිබිණි.

නානායක්කාර මහතාගේ පෙස්සම් ප්‍රකාරව නිකුත් කළ නොතීසියක් පරිදි අධිකරණය පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා පසුගිය 20 දින අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ නානායක්කාර මහතා මෙම සිද්ධියේ සැකකරුවෙකු ලෙස මේ දක්වා නම්කර නොමැතිි බවය. නානායක්කාර මහතා අත්අඩංගුවට ගැනීමට තරම් සාක්ෂි මෙතෙක් අනාවරණය වී නොමැති බවත් සඳහන් කළේය.

රහස් පොලිසියේ එම කරුණු දැක්වීම අනුව ඊයේ(21) දින රහස් පොලිසියට ගොස් ප්‍රකාශයක් ලබාදීමට නානායක්කාර මහතා කටයුතු කර තිබිණි.

මෙම කරුණු අධිකරණයට ඉදිරිපත් කර සිටි නීතිඥ රණසිංහ මහතා සඳහන් කර සිටියේ නානායක්කාර මහතා මේ වන විට ප්‍රකාශයක් ලබා දී ඇති බැවින් හා විමර්ශන සිද්ධියෙහි වූ සැකකරුවකු ලෙස නම්කර නොමැති බැවින් පෙත්සම තවදුරටත් පවරා පවත්වාගෙන යෑමට අදහස් නොකරන බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඇප පෙස්සම නිශ්ප්‍රභ  කිරීමට නියෝග කළාය. 



අදහස් (1)

මනුෂගේ ඇපෑල විසි වෙයි

Bunny Preena Wednesday, 22 January 2025 03:17 PM

ඇමෙරිකාවේ වගේ තද සුළඟක් ආවාවත්ද?

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site