(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි, තිලකරත්න දිසානයක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මිනුවන්ගොඩ ජාපාලවත්ත ප්‍රදේශයේදී සිදුවු වෙඩි තැබීමේ සිද්ධියකින් කරවල ව්‍යාපාරිකයකු මරණයට පත්වී ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය කියයි.
මිනුවන්ගොඩ පාසලක් අසලදි සිදු වූ මෙම වෙඩිතැබීමෙන් මිය ගොස් ඇත්තේ මානික්කුගේ සජිත් උදයංග රෝහන තිලක නොහොත් ටොක්කා නැමති තිස් පස් හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු අංක ගල්ලොලුව, මිනුවන්ගොඩ ලිපිනයේ පදිංචි කරුවෙකු බවට හඳුනාගත් බව පොලිසිය සඳහන් කරයි.
මියගිය පුද්ගලයා කුඩා යතුරු පැදියකින් ගමන් ගනිමින් සිටියදී තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු ටී - 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිව ඇත.
බරපතල තුවාල ලබා සිටි ඔහු මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු ඒ වන විට මරණයට පත්වී ඇතැයි වෛද්‍යවරුන් හෙළිකර තිබේ.
---------------------------------------------
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ තිලකරත්න දිසානායක)
මිනුවන්ගොඩ ජාපාලවත්ත පාසලක් අසලදී මීට සුළු මොහොතකට ඉහතදී වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය කියයි.
වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ පොල්වත්ත පදිංචිව සිටි සජිත් සදරුවන් උදයංග නැමැත්තෙකි.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි.
119 යතුරුපැදී සංචාරයේ නිරත නිලධාරීන් දෙදෙනා එම ස්ථානය කරා පිටත්ව ගොස් ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මිනුවන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
සබරගමු සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිවි නසා ගැනිමට නවක වද සිද්ධියක් සම්බන්ධ බවට සරසවි සිසුවකු සමනළ වැව පොලිසියට කළ පැමිණිල්ලකට අන
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැය
ගල්කිස්ස හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහින්දාරාම පාරේ ටිකිරා නැමැත්තා කපා කොටා ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැකකරුව
පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මේ මස 5 වැනිදා සිට 7 වැනිදා දක්වා දින තුන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම
මත් ද්‍රව්‍ය සන්තකයේ තබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය අත් අඩංගුවට ගත් තරුණයකු පොලිස් අත්අඩංගුවේදී රෝගී වී රෝහලට රැගෙන යන අ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් අයෙක් මරුට
යෝගා Friday, 07 February 2025 02:20 PM
මාලිමා නියෝජ්‍ය ඇමැතියා කිව්වා නේද පාතාලය නැති කරන හැටි ගැන ටියුෂන් දෙන්න වුණත් පුළුවන් කියලා. දැන් ඔය මිනිහා ඉන්නේ ඇඳ යටද?
රනේ Friday, 07 February 2025 03:04 PM
ටියුශන් එකේ තවම තියරි හරිය කරන්නෙ යෝගා. ප්‍රායෝගික ටික පටන්ගන්නකන් ඉන්නකෝ අනේ ඉවසීමෙන්..
ගුණරත්න Saturday, 08 February 2025 11:35 AM
දැන් හැමදාම වගේ වෙඩිතබා මිනී මරණ සිදුවීම් අහන්න ලැබෙනවා. පොකුරු පිටින් මිනී මරනවා. රජයේ පොලිස් නිලධාරීන් මදි කියලා ප්‍රභූ ආරක්‍ෂක භටයින් සාමාන්‍ය රාජකාරී වලට දමලාත් අපරාධ අඩුවක් නැහැ. රජය බුදිද? නැත්නම් අපි නීතිය අතට ගන්නද?