IMG-LOGO

’මානෙල් සහ රහස් කියන කඳු’ ඒතෙරදී සම්මාන ලබති

(සමන්ත යහම්පත්)

නෙදර්ලන්තයේ  රොටර්ඩෑම් නුවර පසුගිය 3 වැනි දා අවසන් වූ ''52 වැනි රොටර්ඩෑම් අන්තර් ජාතික සිනමා උළෙලේදී 'සම්මාන ද්විත්වයක් හිමිකර ගැනීමට ශ්‍රී ලාංකේය චිත්‍රපට දෙකකට හැකි වි තිබේ.

ඒ් උළෙලේ ප්‍රධානතම තරඟකාරි අංශය වන 'ටයිගර් සම්මාන තරගය'' (Tiger Award)  යටතේ ඒහි දෙවැනි  විශිෂ්ඨතම සිනමා නිර්මාණයට හිමි  විශේෂ පූරි සම්මානය විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ 'මානෙල්' (Mannel) චිත්‍රපටයටත්, ආසියනු චිත්‍රපට සඳහා විවෘත ''නෙට්පැක්' (NETPAC) සම්මානය ජනත් මනුවර්ණ අධ්‍යක්ෂණය කළ කුළුඳුල් සිනමා නිර්මාණය වන 'රහස් කියන කඳු' චිත්‍රපටයටත් හිමිවීමය.

52 වැනි රොටර්ඩෑම් අන්තර් ජාතික සිනමා උළෙල 2023 පසුගිය ජනවාරි මස 25 වැනි දා සිට පෙබරවාරි 3 වැනි දා දක්වා  රොටර්ඩෑම් නගරයේදී පැවැත්වුණි.  උළෙලේ ප්‍රධානතම තරගකාරී  අංශය වන 'ටයිගර් සම්මාන' සඳහා  චිත්‍රපට 16ක්  අවසන් තරගයට තරග වැදිණි. ඒහිදි විශේෂ ජූරි  සම්මාන ද්විත්වය  හිමිකරගත් විසාකේස චන්ද්‍රසෙරකම් ගේ 'මානෙල්' චිත්‍රපටයට හා ඇමෙරිකාව ඉදිරිපත් කළ ''නිව් ස්ට්‍රේන්ස් චිත්‍රපටයට සම්මානයට අමතරව  මුදලින් යුරෝ 10,000 ක්ද (ලංකා මුදලින් රුපියල් මිලියන 4කට ආසන්න) හිමිව තිබේ. මිට පෙර මෙම සම්මානය වෙනුවෙන් 2004 දී සත්‍යජිත් මාත්‍රටිප්ගේ '' බොරදිය පොකුණ'' හා 2011 දී සංජීව පුෂ්පකුමාගේ ''ඉගිල්ලෙන මාළුවෝ'' තරග වැදුණ ද සම්මාන හිමිකර ගැනීමට නොහැකි වුණා. 



අදහස් (0)

’මානෙල් සහ රහස් කියන කඳු’ ඒතෙරදී සම්මාන ලබති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 52 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 235 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site