(සුජිත් හේවාජුලිගේ, නිමල් ජයරත්න සහ ක.ග කරුණාරත්න)
කදුරුවෙල සිට අක්කරේපත්තුව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික මගී බස් රථයක් අද (9) රාත්‍රී 7.30 ට පමණ පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය කොටලීය පාලමේ හැපී කොටලීය ඔයට පෙරළීමෙන් 11 දෙනෙක් මරුමුවට පත්ව 40 දෙනෙක් බරපතළ තුවාල ලබා පොලොන්නරුව සහ මනම්පිටිය රෝහල්වලට ඇතුළත් කරනු ලැබ සිටිති.
මියගිය සහ තුවාල ලැබූ මගීහු අක්කරේපත්තුවේ පදිංචිකරුවෝ වෙති. මෙම බස් රථයේ මගීන් හැට හත් දෙනකු ගමන් කර ඇති බව පොලිසිය පවසයි.
බස් රථයේ සිරවී සිටි මගීහු යුද හමුදාවේ,පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් සහ ප්‍රදේශවාසීන් විසින් කඩිනමින් බේරා ගෙන රෝහල් ගත කරනු ලැබූහ.
බස් රථයේ සිටි මගීන් කිහිපදෙනකු ඔයේ ගසාගෙන යන්නට ඇතැයි සැක කෙරෙන අතර කිමිදුම්කරුවෝ කණ්ඩායමක් ඔවුන් සොයා ගැනීමට මේ වන විටත් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිති.
වේගයෙන් පැමිණි බස් රථය එක වරම කොටලීය පාලමේ හැපී ගඟට පෙරළී ගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
බස් රථය ඔයට පෙරළෙද්දී මගීන් මර හඬදී කෑ ගැසූ බව ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
අනතුර සම්බන්ධයෙන් මනම්පිටිය පොලීසියේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
මේ මාසය ඇතුළත නියම කරන දිනයකින් පසු ’’තොරොම්බෝල් කඩ’’ පාරේ ධාවනය කරන්න හැකියාවක් ලැබෙනේ නැතැයි ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙප
පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටවන බව සභානායක අමාත්‍ය බිමල් රත්
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1
අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට
ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මනම්පිටිය බස් අනතුරිින් 11ක් මරුට,40කට තුවාල
උදුළි Monday, 10 July 2023 12:08 AM
බස් රථයේ කාර්මික දෝෂයක් ද නැත්නම් රියදුරුගේ වරදක්ද. අධික වේගයෙන් ආවා කියන්නේ කොහොමත් පුද්ගලික බස් යන වේගයනේ..... ජීවිත අහිම් වූ සැමට නිවන්සුව පතමු. අනිත් සැමට ඉක්මන් සුවය ලැබේවා. අනතුරට පත්වූ අයගේ පව්ල්වල සැමට අපගේ බලවත් ශෝකය.
Prabha Monday, 10 July 2023 02:11 AM
වේගෙන් යන ඩ්‍රයිවර් ලාගේ කනට ගහලා කියපල්ලා
chamara Monday, 10 July 2023 07:43 AM
හරිම කණගාටුයි. ජීවිත තුට්ටුවකටවත් මායිම් කරන්නේ නෑ. මේ වගේ දෙයක් වුණාම ශෝක දිනයක්වත් ප්‍රකාශ කරන්න ඕනේ. මේකේ තියෙන බරපතලකම තේරුම් යන්න අනික් අයට...
රන්ජිත් Monday, 10 July 2023 08:36 AM
බස් සියල්ල රජයට අරන් ක්‍රමවත් කාලසටහනකට අනුව වැඩ කරන්න. පුද්ගලික බස් තරගය හැම ජීවිතයක්ම අනතුරේ දානවා.
Rohana Monday, 10 July 2023 09:24 AM
මගීන් මරාගෙන මැරෙන බස්රියදුරෙක් වගෙයි.ඔයතරම් වේගෙන් ගියාම රථය පාලනයෙන් ගිලිහී අනතුරුවන බව දන්නෙම නැතිද?රියදුරු වැරදිකරුනම් දැඩිදඩුවම් දියයුතුයි.
Samitha Senaka Aluthgamage. Monday, 10 July 2023 09:54 AM
අනේ දුකයි අපේ රටේ මඟී ජනතාව විඳිනා දුක් පීඩා ගැන .. ඉස්සර වගේ නෙමෙයි දැන් බස් වල ගමන් වියදම කී ගුණයක් වැඩිවෙලාද ? ඒත් මඟීන්ගේ පහසුකම් නම් වැඩිවෙලා නැහැ.දේශපාලකයන්ගේ ගමන් බිමන් සඳහා V 8 වාහන.ආරක්ෂාවට ඉදිරියෙන් පිටුපසින් ඩිපෙන්ඩර්.රටේ ජනතාවට ලේලන්ඩ් හා ටාටා බස්.ඒවායෙත් යන්න වෙලා තියෙන්නේ කිටිකිටියේ තදවෙලා.කොහොමද සවුභාග්‍යය ගිය දුරක්.අම්මපා කියලා වැඩක් නැහැ.