IMG-LOGO

මන්නාරමේ එරුක්කලම්පිඩ්ඩි ගම්මානයට සංචරණ සීමා

(රොමේෂ් මධුෂංඛ)

මන්නාරම එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ එකම පවුලේ 5දෙනෙකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් ගම්මානයට සංචරණ සීමා පනවා ඇති බවට මන්නාරම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතා පවසා සිටියේය.
 
එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචි වයිරසය ආසාදිත පුද්ගලයින් ඇසුරු කරන ලද පුද්ගලයින් 172 දෙනෙකු නිරෝධායනය කර ඇති අතරම පුද්ගලයින් 300 කට ආසන්න පිරිසක් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවට සහ පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කොට ඇති බවටද ජ්‍යේෂඨ පොලිස් අධිකාරීවරයා පවසා සිටීය.
 
පුත්තලමේ සිට පැමිණි අයෙකුට පළමුව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර පසුව ඔහුගේ පවුලේ සිටි සෙසු 4 දෙනාටද වයිරසය ආසාදනය වී ඇත.
 
කෙසේ වෙතත් එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් ඇසුරු කරන ලද පුද්ගලයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ තහවුරු වන තුරු පමණක් සංචරණ සීමා පැනවීමට අවශ්‍ය බවට පොලීසියට දැනුම් දුන් බවටත් පළමු කොරෝනා ආසාදිතයා විවාහ මංගල්ලයකට සහභාගී වී ඇති බවට දැනට තොරතුරු ලැබී ඇති බවටද මන්නාරම් දිස්ත්‍රීක් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ආර්. විනෝදන් මහතා පවසා සිටියේය.
 
මේ වන විට මන්නාරම එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයට පොලීසිය හා යුදහමුදාවෙන් ආරක්ෂාව සපයා සංචාරණ සීමා පනවා ඇති අතරම ගම්වැසියන් නිවාසවලට වී නිරෝධායනය කරවීමට පියවර ගෙන ඇති බවටද මන්නාරම සෞඛ්‍ය සේවා කාර්යාලය වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

මන්නාරමේ එරුක්කලම්පිඩ්ඩි ගම්මානයට සංචරණ සීමා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 375 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 541 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 224 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site