IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මන්ත්‍රී විස්සකට මැතිසබේ කෑම තිත්ත වෙලා

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තුවේ භෝජනාගාර අංශයෙන්  දෙන කෑම කිසිම  ගුණාත්මකභාවයක් නැතැයි   මන්ත්‍රීවරුන්  පිරිසක් කතානායකවරයාට පැමිණිලි කර ඇත.

ඔවුන් මෙසේ පැමිණිලි කර ඇත්තේ පසුගිය 10 වැනිදා පැවැති  පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදීය. අයකරන මුදලට හෝ  සරිලන කෑම අනුභව කළ හැකි ආහාර  වේලක්  දෙන ලෙසට මන්ත්‍රීවරුන් එහිදී වැඩිදුරටත් ඉල්ලා ඇත.

මෙහිදී කතානායකවරයා  මන්ත්‍රීවරුන්ගෙන්  අයකරන මුදලට සරිලන හොඳ කෑම   වේලක්   දෙන ලෙස  පාර්ලිමේන්තු  භෝජනාගාර අංශයේ ප්‍රධානියාට නියෝග කර ඇත.

මේ අතර මන්ත්‍රීවරුන් විස්සකට  ආසන්න පිරිසක් පාර්ලිමේන්තු භෝජනාගාර අංශයෙන් කාලයක සිට ආහාර ගැනීමෙන් වැළකී සිටින බව පාර්ලිමේන්තු  ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අතර ආහාර හා පාන සඳහා පාර්ලිමේන්තුව වාර්ෂිකව රුපියල් කෝටි දොළහක පමණ මුදලක්   වැය  කරන  බව පාර්ලිමේන්තු මූල්‍ය නිලධාරීන් ගණන් බලා ඇත. මින් වැඩි මුදලක් වැය කෙරෙන්නේ පාර්ලිමේන්තුවේ සේවකයන්ගේ ආහාර වේල් සඳහා යැයි පැවසේ.



අදහස් (11)

මන්ත්‍රී විස්සකට මැතිසබේ කෑම තිත්ත වෙලා

Prabha Monday, 20 May 2024 12:19 PM

ගෙදරින් ගෙනත් කන්න බැරි නම් එළියට ගිහින් කන්න කියන්න

:       0       23

සමන් - ඕමානයMonday, 20 May 2024 01:40 PM

"මන්ත්‍රීවරුන්ගෙන් අයකරන මුදලට සරිලන හොඳ කෑම වේලක්" ??? කර්තෘ මහත්තයෝ, දාන්නකෝ පත්තරේ, අපටත් බලන්න, උන්කීනැහේලාගෙන් කීයක් අය කරනවාද, ගන්න පුළුවන් කෑම වට්ටෝරුව මොකක්ද කියලා! එතකොට බලන්න බැරියැ මේ අහිංසකයින්ට "මුදලට සරිලන කෑම" වේලක් ලැබෙනවාද කියලා!!!

:       0       23

ගමේ එකාලා Monday, 20 May 2024 12:20 PM

හොරාකාලා කාපු විදියට කෑම රස නැතුව ඇති .ගෙදරින් කෑම එකක් ගෙනත් කෑවනම් ඉවරයි නේ?

:       2       20

අරවින්ද මොනරවිල Monday, 20 May 2024 12:42 PM

සමහරු ඉන්නවා පුන්නක්කු, තණකොළ වගේ ඒවාට පුරුදුවෙලා, එහෙම අයට බත් එළවළු, මස් මාංශ දීලා හරියන්නේ නැහැ. ඒ ගැනත් අංශ ප්‍රධානියා සැලකිලිමත් විය යුතුයි.

:       3       27

රෝයි ෆෙඩ්රික්ස්Monday, 20 May 2024 02:29 PM

අඩෝ මොනරා!  හරියට හරි මචං . ඉදල හිටල හරි උඹ වගේ මොලේ තියෙන එකෙක් දකින්න ලැබීමත් සතුටක්.  

:       3       9

පිටරටවැසියා Monday, 20 May 2024 02:06 PM

පාර්ලිමේන්තුවේ භෝජනාගාර අංශයෙන් දෙන තණකොළ සහ පුණ්ඥක්කු ගව ආහාරවල ගුණාත්මකභාවයක් නැතැයි මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාට පැමිණිලි කර ඇත.

:       1       11

Nandalal DE SILVA - France Monday, 20 May 2024 03:01 PM

මේ තණකොළ, පුන්නක්කු කකා දියවන්නාවේ වතුර බොන අයට රටේ ජනතාව කන බොන "ගුණාත්මක ආහාර පාන" ගැන ඉරිසියාවක් ඇතිවෙලා වගෙයි...!! කතානායකවරයාත්, කෑම ගැන පරීක්ෂණයක් කරලද හොඳම හොඳ තරුපහේ කෑමබීම මොවුන්ට කවන්න කියා පාර්ලිමේන්තු කෝකියාට අණ කළේ...

:       0       9

විජිත් Monday, 20 May 2024 11:24 PM

කතානායක කන්නෙත් තණකොළ , බොන්නේ පුන්නක්කු, ඒකා තමයි ඔතන ඉන්න ලොකුම හරකා.ළඟදීම මස් කඩේට දක්කන්න නියමිතයි.

:       0       0

Warnasinghe Monday, 20 May 2024 03:56 PM

ජනමාධ්‍යත් දැන් බලනකොට තැපැල් කන්තෝරුව වගේ. කිසිම පර්යේෂණාත්මක ජනමාධ්‍ය කලාවක් දකින්නට නැත.

:       0       5

Nandalal DE SILVA - France Monday, 20 May 2024 11:14 PM

කතානායකවරයාට ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කිරීමට කැමතියි.දියවන්නාවේ ගොන් රැල 1. දවසකට කී පාරක් කන්න දෙනවද ? 2. මුන්ට කවන්නේ මොනවද ? 3.එම කෑම වට්ටෝරු (MENU])ප්‍රසිද්ධ කරන්න පුලුවන්ද ? 4.මුන්ට පොවන මද්‍යසාර ඇතුළු බීම ජාති මොනවද ?පුලුවන්නම් මේවට උත්තර දෙන්න !

:       0       1

කෝකියා Monday, 20 May 2024 11:20 PM

රටත් කාලා මදිවෙලා දැන් කියනවා කෑම හොඳ නැහැ කියලා, නොදෝමකින් විතරක් , ඔය 225 ටම ලේ බඩ ගිහිල්ලා මැරෙන්න ඕනා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site