IMG-LOGO

‘මන්ත්‍රී ප්‍රමිත ගෙන් සැර ප්‍රකාශයක්‘

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු සංකීර්ණයේ  විදුලි බුබුළු , විදුලි සෝපාන සහ වායු සමීකරණ යන්ත්‍ර  කිසිම  සීමාවකින් තොරව ක්‍රියාත්මක වන බවත්  විදුලිය අරපිරිමැස්මෙන්  පාවිච්චි  කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමට පෙර පාර්ලිමේන්තුව ඒ සම්බන්ධයෙන් රටට ආදර්ශයක් දිය යුතු බවත් මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී  අද (10) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ මුලසුනේ අවසරය ඇතුව විශේෂ ප්‍රකාශයක් කරමිනි.

විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නැයි  කතානායකවරයා මේ සභාවේදී  ඊයේ ඉල්ලීමක් කළ බව මෙහිදී සිහිපත් කළ  තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ සහ  වැසිකිළිවල මහ දවල් පවා   විදුලි බල්බ දැල්වෙමින් තිබෙන බවත් ප්‍රකාශ කළේය.

වහින වෙලාවට  ජනතාව පාර්ලිමේන්තුවේ  අයට හෙන ඉල්ලන්නේත් ගංවතුර වෙලාවට පාර්ලිමේන්තුව යට වෙන්න ඕන කියලා කියන්නෙත් පාර්ලිමේන්තුවට බෝම්බයක් වදින්න ඕන කියලා කියන්නේත් මෙවැනි දේවල් නිසා යැයිද  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කිවේය.

නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා:

මම ඒ පිළිබඳව කතානායකතුමාගේ අවධානයට යොමු කරන්නම්.



අදහස් (0)

‘මන්ත්‍රී ප්‍රමිත ගෙන් සැර ප්‍රකාශයක්‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site