IMG-LOGO

මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීම් ගැන සොයන්න විශේෂ කාරක සභාවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ සහ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීමේ සිද්ධි  සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව හා සම්බන්ධ කරුණු විමර්ශනය කිරිමට සහ  ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම සම්බන්ධයෙන්වූ යෝජනාවක් පාර්ලිමේන්තුවට හෙට (18) ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරුණු බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (17) පැවැත්විණ.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත්කිරීමේ එම  යෝජනාව අද සභාගත කිරීමෙන් අනතුරුව විවාදය  ඉදිරි දිනයකදී පැවැත්වීමටද  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ එකඟත්වය හිමිවූ බව  මහ ලේකම්වරිය සඳහන් කළාය.

පාර්ලිමේන්තු හෙට (18) සිට ලබන 21වැනිදා  දක්වා පැවැත්වීමටද  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බවද  ඇය කීවාය.



අදහස් (4)

මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීම් ගැන සොයන්න විශේෂ කාරක සභාවක්

අසා ධාරණ Monday, 17 July 2023 06:46 PM

අවුරුදු 18ට වැඩි සෑම කෙනෙක්ම ආදායම් බදු සඳහා ලියාපදිංචි වෙන්න කියලා මාසෙකට රුපියල් ලක්ෂයක් ඉක්මවා ආදායම් තිබේ නම් බදු අයකරන්න කටයුතු කරද්දී එහෙම ආදායම් ලබන පිරිසක් සඳහා අස්වැසුම දෙනවා. එතකොට කොටසක් වරප්‍රසාද ලබද්දී තවත් කොටසක් අගතියට පත්වෙනවා. ඒකටත් සාධාරණයක් කරන්න කියලා ඉල්ලන්න ඕනෑ ...

:       0       0

G. K. Ekanayake Monday, 17 July 2023 10:07 PM

පාර්ලිමේන්තු මන්ත්‍රීන් විසින් පොදු මහජනතාවගේ වරප්‍රසාධ සහ අයිතිවාසිකම් කඩකිරීම ගැන සොයන්න තවත් කමිටුවක් අවශ්‍යයි.

:       0       0

Rata Perata Tuesday, 18 July 2023 11:45 AM

මේ හොර රැල එකතුවෙලා උන්ටම කර ගන්නවා .ජනතා වරප්‍රසාධ කඩවීම් ගැන හොයන්න එකෙක් නෑ

:       0       0

Bunny Preena Tuesday, 18 July 2023 12:02 PM

ඔබලාව මන්ත්‍රීවරු හැටියට පත්කලා සාමාන්‍ය ජනතාවගේ වරප්‍රසාධ සහ ජීවත්වීමේ අයිතිය තමයි උල්ලංඝනය වෙලා තියෙන්නේ .අයි එස් අයි එස් සෙල්ලම ඒවා ගැන සොයා බලන්න

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 116 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site