IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මන්ත්‍රින්ට වාහන දෙන්න පාර්ලිමේන්තු කමිටු අනුමැතිය

(කැලුම් බණ්ඩාර)

ශ්‍රී ලාංකිකයන් දරා ගත නොහැකි ජීවන වියදමකින් පීඩා විඳිද්දී තමන්ට සහනදායී ලෙස වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් ලබා දෙන්නැයි පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවට මන්ත්‍රීවරුන් පිරිසක් කර ඇති ඉල්ලීම එම කාරක සභාව පිළිගෙන ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේය.

රාජ්‍ය සේවයේ විවිධ කාණ්ඩවල විධායක ශ්‍රේණි නිලධාරීන්ට ලබා දී ඇති පහසුකම් වලට සමාන අයුරින් තමන්ටද වාහන බලපත්‍රයක් ලබා දෙන ලෙස එම මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව ධනාත්මක අයුරින් සලකා බැලූ බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 100 දෙනෙකු පමණ ඔවුන්ගේ පාවිච්චිය සඳහා තීරු බදු රහිතව වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් ලබා දෙන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් මෙලෙස ඉල්ලීමක් කළ බව ආරංචි මාර්ග පැවැසුවේය.

පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ අනුමැතිය එම ඉල්ලීමට ලැබීමත් සමග එය ක්‍රියාත්මක කළ හැකි මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ලිපියක් මගින් දැනුම් දෙනු ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

 



අදහස් (13)

මන්ත්‍රින්ට වාහන දෙන්න පාර්ලිමේන්තු කමිටු අනුමැතිය

Sachith Monday, 13 May 2024 07:35 AM

මෙන්න මේක වෙනවා කියලා දන්න නිසා තාමා කලින්ම කිව්වේ... බොරුවට රගපාවට ඔක්කෝම මේක ඕන කියලා

:       1       61

Nimal Monday, 13 May 2024 08:14 AM

රෝමය ගිනි ගනිද්දි වීනා වයනවා ... මුන් එකෙක්වත් මීළඟ පාර්ලිමේන්තුවට එවන්න එපා...

:       1       65

ලුම්බිණි Monday, 13 May 2024 08:24 AM

තීරුබදු නැතිව වාහන ගෙන්වන්නට ඉඩදීම සම්පුර්ණ නැවැත්විය යුතුයි. වාහන වලට රේගු බදු ක්‍රමයක් හඳුන්වා ඕනෑම කෙනෙකුට වාහන ගෙන්වීමට ඉඩ දිය යුතුයි. සමාජයේ එක්තරා කොටසකට පමණක් දී තිබෙන වරප්‍රසාද නැවැත්විය යුතුයි.

:       2       76

Lakmal Monday, 13 May 2024 08:27 AM

ජවිපෙ ස්ථාවරය රටට හෙළි කරන්න. ප්‍රතිපත්ති ප්‍රකාශනවල විතරක් තිබිල මදි. ප්‍රායෝගිකව කරල පෙන්නන්නෙ නැතුව

:       27       37

අරවින්ද මොනරවිල Monday, 13 May 2024 09:23 AM

ලක්මාල් ඔයාගේ සිහිකල්පනාව හොද නැද්ද ? ජවි.පෙ.ට සම්බන්ධ ජාතික ජනබල වේගයේ මන්ත්‍රීවරු වාහන ගෙන්වන්න බලපත්‍ර ඉල්ලලා නැහැ. ඒ නිසා ජ.වි.පෙ. හො ජාතික ජනබල වේගයේ ස්ථාවරය මොකක්ද කියලා සිහිකල්පනාව ඇති කාටත් පැහැදිළියි. ඒවගේම ඔය බලපත්‍ර ඉල්ලන කණ්ඩායමට ස.ජ.බ. සහ පොහොට්ටුවේ මන්ත්‍රීවරු අනිවාර්යයෙන්ම ඇතුලත්වෙලා ඇති. මොකද දැන් රනිල්ගේ වරදානවලට වැඩියෙන්ම යටවෙලා ඉන්නේ ස.ජ.බ සහ පොහොට්ටුවේ අය නිසා. ඒනිසා ඔයාට ඕන නම් ඔය ප්‍රශ්ණය සජිත්ට හා බැසිල්ට යොමු කරන්න රටට ගොන් ආතල් නොදි.

:       8       72

සිල්වා Monday, 13 May 2024 11:08 AM

පොඩි හාමුදුරුවන්ට බෙදන්න කිව්ව වගේ තමයි. ලැබෙන කොට ඔක්කෝටම ලැබෙනවා.

:       0       23

Raajya Amathi Monday, 13 May 2024 09:36 AM

අන්න එහෙම එන්න .අපිට පුලුවන්ද චන්ද වැඩ කරන්න අවුරුදු 4ක් 5ක් පරණ වාහනයක.අපි මහන්සි වෙලා ජනතා සේවයට කැපවුනු මිනිස්සු .ජනතාව පොඩ්ඩක්වත් හරස් වෙන්නේ නැහැ අපි වාහන ඉල්ලුවම .අනික කෝටි 10 ක් 15 ක් කියන්නේ සොච්චමක්නේ අද දවසේ හැටියට

:       0       24

BITTER TRUTH Monday, 13 May 2024 09:47 AM

ආණ්ඩුව සහා බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සුදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත . මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ද කොමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහා රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද , FACEBOOK, INSTRAGRAM , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද රජයට සහා රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි .මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහා රට සුළු ජාතින් නිසා විනාශ වන බව පෙන්වා දෙයි . පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු . මෙය පිළිබදව ඔබගේ පවුලේ උදවිය සහා මිතුරන් දැනුවත් කරන්න . (Share)

:       5       35

mahinda Monday, 13 May 2024 09:52 AM

මහා දේශප්‍රේමි ව්‍යාඝ්‍රා වංශ, ගොන්ම්න්පිල,පැලෝපීයනාලේ රතන ඇ තුලු සකල විද කපටි රැලට අවසන් වතාවට අසීමිත මුදලක් උපයා ගැ නීම කදීම අවස්ථාවක්.

:       2       42

fairoos Monday, 13 May 2024 10:52 AM

මේ ඔක්කොම යාළුවෝ... NPP තමයි එකම විකල්ප...!

:       9       40

සී පෙරේරා Monday, 13 May 2024 02:37 PM

NPP, කරුණාකර තීරු බදු රහිත වාහන නැවත විකිණීම නොකළ යුතු බවට නීතියක් ගෙන එන්න.

:       0       13

සෙනෙවිරත්න Monday, 13 May 2024 03:20 PM

සේරටම හදිසිය NPP ස්ථාවරය තමයි, වසර හැත්තෑවක් තමන්ගේ පොකට් එකට තට්ටු කරලා දරුවකුට පිට රටකට යවන අවස්ථාව නැති කළ අය ගැන කිසිම ආරවුලක් නැහැ සමහරුන්ට...

:       3       14

Chandima Monday, 13 May 2024 08:16 PM

කාරක සභාව කියන්නෙත් උන් උන්ම නේද ?අපි අපිටම බෙදාගෙන

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site