(යොහාන් භාසුර)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 14 කගේ වරප්‍රසාද මැතිවරණ කොමිසම කඩ කළේ යැයි පවසමින් අපූරු යෝජනාවක් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් මැතිවරණ කොමිසම නොව වර්තමාන රජය මැතිවරණය නොපවත්වා මිලියන 16 ක ජනතාවගේ සහ 80,000 වන අපේක්‍ෂකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
මැතිවරණ කොමිසම එම මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩකළේ මැතිවරණයක් පවත්වන්න කටයුතු කරපු නිසාද යන සැකය මතුවන බව කී ඩලස් අලහප්පෙරුම මහතා මැතිවරණයට දින නියම කිරීමෙන් සහ නාමයෝජනා කැඳවීමෙන් මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ කිරීමක් වෙන්නේ කුමන ආකාරයට ද යන ගැටලුව මතුවන බව ද සඳහන් කළේය.
එම යෝජනාව අදාල මන්ත්‍රීවරුන්ගේ උවමනාවකට නොව ඔවුන්ගේ නායකයාගේ උවමනාවට ඉදිරිපත් කළ එකක් බව ද ඒ මහතා සඳහන් කළේය.
එම මන්ත්‍රීවරුගේ වරප්‍රසාද කඩවීම ගැන හොයන්න තේරීම් කාරක සභාවක් පත්කළ යුතු යැයි ඉල්ලීමක් කර ඇති බවත් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිහින සාප්පු හිමිකරුවෙක් මෙන්ම හොඳ හීන වෙළෙන්දෙක් බවත් ඩලස් අලහප්පෙරුම මහතා කීය.
ජූලි 18 වැනිදා අන්තර්ජාතික වශයෙන් ප්‍රජාතන්ත්‍රට ඉතාමත්ම වැදගත් දිනයක් වන ‘මැන්ඩේලා දිනය’ වූවත් ඒ උතුම් දිනයේදී ශ්‍රී ලංකාවේ පාලකයන් ප්‍රජාතන්ත්‍රවාදය මහ දවල් නිරුවතින් මහ මඟ ඇවිද්දවීමට, කටයුතු කළ බව ද ඒ මහතා සඳහන් කළේය.
නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නිදහස ජනතා සභාවේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේදී අද (24) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘මැන්ඩෙලා’ සැමරුම් දිනයේදී පාලකයන් ප්‍රජාතන්ත්‍රවාදය නිරුවත් කළා