
(නිමල කොඩිතුවක්කු)
ගුවන්තොටුපොළ මගින් මෙරටට ඇතුළු විය හැකි එම්පොක්ස් හෙවත් මන්කිපොක්ස් රෝගීන් හඳුනා ගැනීම සඳහා මුළු රටම ආවරණය වන පරිදි ආවේක්ශණ පද්ධතිය වඩා ශක්තිමත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මන්කිපොක්ස් රෝගීන් වාර්තා වුවහොත් ඔවුන් වෙන් කර ප්‍රතිකාර කිරීම සඳහා පහසුකම් කොළඹ බෝවන රෝග විද්‍යායතනය තුළ ස්ථාපිත කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කරයි.
එමෙන්ම කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය සතුව මන්කිපොක්ස් රෝගින් හඳුනාගැනීමේ රසායනාගාර පහසුකම් පවතින බවත් ඔහු පවසයි.
මෙම රෝගයට වඩා හොඳින් සූදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය මග පෙන්වීම සෞඛ්‍ය සේවා ආයතන සඳහා ලබා දී ඇති බවත් මේ සම්බන්ධව උපදෙස් ඇතුළත් චක්‍ර ලේඛයක් සියලුම සෞඛ්‍ය සේවා ආයතන සඳහා ලබා දීමට කටයුතු කළ බවත් ලේකම්වරයා සඳහන් කරයි.
මන්කිපොක්ස් රෝගය ඵපොක්ස් වෛරසය නිසා ඇති වන බවත්, අසාදිත පුද්ගලයෙකුගේ දේහ තරල, තුවාල ස්පර්ශ වීමෙන් සහ, දිගු කාලයක් පුරා ශ්වසන බිදිතිවලට නිරාවරණය වීමෙන් ඵපොක්ස් රෝගය පැතිර යන නිසා, මෙම රෝගය පැතිරීමේ අවධානම අඩු මට්ටමක පවති.
තවද අසාදිත පුද්ගලයෙකු භාවිතා කරන ලද ඇඳ ඇතිරිලි හෝ ඇඳුම් මගින්ද රෝගය පැතිරීමේ හැකියාවක්ද පවතින බව මහීපාල මහතා සඳහන් කරයි.
උණ, සමෙහි බිබිලි මතු වීම සහ වසා ගැටිති ඉදිමීම මන්කිපොක්ස් රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස හදුනාගෙන ඇත.
රෝගය මේ වනවිට අපිකානු අප්‍රිකානු කළාපීය රටවල වේගයෙන් පැතිර ගොස් ඇති අතර මින් 500කට අධික පිරිසක් ද මියගොස් තිබේ.
2025 දෙසැම්බර් මස 18
627
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්කිපොක්ස් ගැන සෞඛ්‍යසේවා ආයතනවලට චක්‍ර ලේඛයක්