
කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතේ, මධ්‍යම තැපැල් හුවමාරුවේ පාරිභෝගික සේවා සැපයීම ඔක්තෝබර් 17 වැනිදා දක්වා අත්හිටුවීමට තීරණය කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.
මධ්‍යම තැපැල් හුවමාරුව ඔස්සේ ව්‍යාපාරික තැපැල් සේවා ලබාගන්නා ආයතනවල තැපැල් භාණ්ඩ තැපෑලට යොමුකිරීම සඳහා සහකාර අධිකාරී(වාණිජ) අමතා සුදුසු වේලාවක් වෙන්කරවාගෙන එම කටයුතු කළ යුතු බවද ඒ මහතා සඳහන් කරයි.
මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් මෙහෙයුම් කටයුතු ද ඔක්තෝබර් 17වැනිදා දක්වා අත්හිටුවා ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd