IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


මාධ්‍ය හමුව අතරතුරේ බයිඩන් යයි

සිලිකන් වැලි බැංකුවේ කඩා වැටීම පිළිබඳ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයක් නොසළකා හරිමින් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊයේ (13) පැවති මාධ්‍ය හමුවක් අතරමැද නවතා දමා පිටව ගොස් ඇත.

සිල්කන් බැංකුවේ කඩා වැටීම ඇමෙරිකා එක්සත් ජනපදයේ අනෙක් බැංකු වලට බලපෑමක් එල්ල කරාවි දැයි මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේ එම ප්‍රශ්නයට පිළිතුරු නොදී ජනාධිපති ජෝ බයිඩන් මාධ්‍ය හමුව නවතා දමා පිටව ගොස් තිබේ.

ධවල මන්දිරයේ යූ ටියුබ් නාලිකාවට මාධ්‍ය හමුවේ වීඩියෝව ඇතුළත් කර ඇත. එම වීඩියෝව මිලියන 4 ක් නරඹා තිබේ.මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්නයට පිළිතුරු නොදෙමින් ජනාධිපති බයිඩන් මාධ්‍ය හමුව අතරමැද පිටව යෑම පිළිබඳව විවේචන විශාල ප්‍රමාණයක් එල්ල වී තිබේ.විවේචන එල්ල වීම පාලනය කිරීමට නොහැකි වීම නිසා යූ ටියුබ් නාලිකාවේ ඇති වීඩියෝවට ප්‍රතිචාර දැක්වීමට ඇති අවස්ථාවද ධවල මන්දිරය විසින් අවහිර කරනු ලැබ ඇත.

යූ ටියුබ් නාලිකාව තුළ ප්‍රතිචාර දැක්වීම ධවල මන්දිරය අවහිර කරනු ලැබුවත් ට්විටර් සමාජ මාධ්‍ය තුළ ජෝ බයිඩන්ට විශාල ලෙස විවේචන එල්ල වෙමින් පවතී.මාධ්‍ය හමු අතරමැද ජෝ බයිඩන් පිටව යාම සාමාන්‍ය දෙයක් වූවත් බැංකු පද්ධතිය පිළිබඳ නැගූ ප්‍රශ්නයට පිළිතුරු නොදීම හේතුවෙන් මෙසේ විවේචන එල්ල වී ඇත.

ගණුදෙනුකරුවන් විශාල වශයෙන් තම තැන්පතු ආපසු ලබා ගැනීමේ පසුබිමක සිලිකන් වැලි බැංකුව පැය 48 ක් තුළ කඩ වැටුණි. නමුත් සිලිකන් වැලි බැංකුවේ කඩා වැටීමට මුල් වූ සැබෑ හේතුව වසර කිහිපයක් ආපස්සට දිව යන බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.අනෙක් බැංකු මෙන් සිලිකන් වැලි බැංකුවද අවම පොලී අනුපාත (සියයට 0 තරමක් වැඩි) යටතේ ඩොලර් බිලියන ගණනක් රාජ්‍ය බැඳුම්කර වල ආයෝජනය කර ඇත.

එම අවස්ථාවේ මෙය ආරක්ෂාකාරී තීරණයක් වූවත් උද්ධමනය පාලනය කිරීම සඳහා පොලී අනුපාත ඉහළ දැමීමත් සමඟ බැඳුම්කර වල මිල පහත වැටී තිබේ.පොලී අනුපාත ඉහළ යාම සිලිකන් වැලි බැංකුවේ බැඳුම්කර වල වටිනාකම පහත දමා ඇත.

පොලී අනුපාත ඉහළ දැමීම හේතුවෙන් සමාගම් වලට ණය  ණය ගැනීමේදී ඉහළ පොලියක් ආපසු ගෙවීමට සිදුව තිබේ. ඒ හේතුවෙන් සමාගම් තම තැන්පතු ආපසු ගැනීමට පෙළඹී ඇති අතර සිල්කන් වැලි බැංකුවට නව ප්‍රාග්ධන අවස්ථා සොයගැනීම අපහසු වී ඇත.

(රොයිටර්)



අදහස් (1)

මාධ්‍ය හමුව අතරතුරේ බයිඩන් යයි

ravin Tuesday, 14 March 2023 02:26 PM

අපේ අයටයි මේ කියන්නේ .හොඳ පාඩම් හොඳ පාඩම් මේවා නුඹලාට හොඳ පාඩම්

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site