ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් සහ චතිස්ගාර් ප්‍රාන්තවල ප්‍රාන්ත මැතිවරණ ආරම්භ විය. මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයේ බලකොටුවක් වන අතර, චතිස්ගාර් ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් කොංග්‍රස් පක්ෂයේ බලකොටුවකි.
මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයෙන් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වෙයි. ඒ අනුව, මැතිවරණ කටයුතු ආරම්භ වූයේ විශේෂ ආරක්ෂාවක් යටතේය. මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත මන්ත්‍රණ සභාව ආසන 230 කින් සමන්විත අතර බහුතරය සඳහා ආසන 116 ක් දිනා ගැනීම කළ යුතුය. මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණය පැවැත්වෙන්නේ එක් අදියරකිනි.
චතිස්ගාර් ප්‍රාන්ත මැතිවරණය අදියර දෙකකින් පැවැත්වෙන අතර, ආරම්භ වූයේ දෙවැනි අදියරයි. චතිස්ගාර් ප්‍රාන්තයේ බලයේ සිටින්නේ කොංග්‍රස් පක්ෂයයි. චතිස්ගාර් ප්‍රාන්ත මන්ත්‍රණ සභාව ආසන 90 කින් සමන්විතය. බහුතරය සඳහා ආසන 46 ක් දිනාගත යුතුය.
ඉන්දීය මහ මැතිවරණය ලබන 2024 වසරේ දී පැවැත් වීමට නියමිත අතර, මධ්‍ය ප්‍රදේශ් සහ චතිස්ගාර් ප්‍රාන්ත මැතිවරණ ප්‍රතිඵල, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ පාලක භාරතීය ජනතා පක්ෂයේ ජනප්‍රියත්වය උරගා බැලීමක් වනු ඇතැයි ඉන්දීය දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මධ්‍ය ප්‍රදේශ් - චතිස්ගාර් ප්‍රාන්ත මැතිවරණ ඇරැඹේ