(බිඟුන් මේනක ගමගේ)
මාධ්‍යවේදී ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න මහතාට එල්ල වූ ප්‍රහාරය හෙළාදකින්නේ යැයි ද එම සිදුවීම සම්බන්ධයෙන් වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවන්නැයි ඉල්ලා සිටින්නේ යැයි ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ජයමාන්න මහතාට මෙම පහරදීම සිදු වී ඇති මුන්දලම පොලිස් බල ප්‍රදේශයේදී මේ ආකාරයෙන්ම මීට මාසයකට පමණ පෙරදී ද මෙබඳුම ප්‍රහාරයක් එල්ල වී ඇති නමුත් එම අවස්ථාවේදී ද පොලිසිය සාධාරණ පරීක්ෂණයක් කර නැතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය චෝදනා කරයි.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත වාර්තා වන අන්දමට වෙන්නප්පුව ප්‍රදේශයේ විධිමත් අවසරයකින් තොරව වෙල්යායක් ගොඩ කිරීම පිළිබඳ සිදුවීමක් වාර්තා කිරීමට එම ස්ථානයට ගිය අවස්ථාවේදී මෙම පහරදීම සිදුවි ඇතැයි ද මෙම වෙල්යායට තමාට හිමිකමක් ඇතැයි කියන හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුගෙන් එම ඉඩම පිරවීම බාර ගත් තවත් හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයකු ඇතුඵ පිරිසක් තමාට පහර දුන් බව ජයමාන්න මහතා පවසන්නේ යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
මහජනතාවට සත්‍ය වාර්තා කිරීමේ වගකීමෙන් බැඳි සිටින වෘත්තීය මාධ්‍යවේදීන්ට අඩන්තේට්ටම් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි යැයි ද මාධ්‍යවේදීන්ට හිංසනයෙන් තොරව සිය කටයුතුවල නියැලීමේ පරිසරය පවත්වා ගැනීම රජයේ වගකීමක් යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
හැටන් තැපැල්කාර්යාලය සහ සන්නිවේදන පියසේ ඉහළ මහලේ ඡන්ද ගණනය කිරිමේ මධ්‍යස්ථානයට බලහත්කාරයෙන් ඇතුලු වූ පිරිසක් ඉන් ඉවත් කර දැඩි පොලිස් ආරක්ෂාව යටතේ ඡ
අපරාධයක වින්දිතයකුගේ මතුගම බාලිකා පාරේ නිවසක ආරක්‍ෂාවට යොදවා සිටි පොලිස් සැරයන්වරයකු ටි 56 රාජකාරි ගිනි අවියෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාත
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මාධ්‍යවේදී ජයමාන්නට එල්ල වූ ප්‍රහාරයේදී පොලිසියට චෝදනාවක්