(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් ලියකියවිලි මුද්‍රණය කළ රජයේ මුද්‍රණාලයේ සේවකයන්ට දීමනා ගෙවීමට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 5 කට අධික මුදලක් මෙතෙක් මුදල් ලබාදී නැතැයි වාර්තා වේ.
එම මුද්‍රණ කටයුතුවලට සම්බන්ධ වූ රජයේ මුද්‍රණාලයේ සේවකයෝ 200 කට වැඩි පිරිසක් මේ හේතුවෙන් එම දීමනා නොමැතිව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති.
මේ සම්බන්ධයෙන් අප රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මියගෙන් කළ විමසුමකදී ඇය පැවසුවේ ඒ පිළිබඳව පිළිබඳව මහා භාණ්ඩාගාරයට යළි සිහි කැඳවීමක් කිරීමට බලාපොරොත්තු වන බවයි.
පළාත් පාලන මැතිවරණයට අදාළ දිස්ත්‍රික්ක 22ක් පමණ තැපැල් ඡන්ද පත්‍රිකා මේ වනවිට මුද්‍රණය කර අවසන්ව ඇත .දැනට මුද්‍රණය කර අවසන් ඡන්ද පත්‍රිකා සියල්ල රජයේ මුද්‍රණාලයේ ආරක්ෂිත ගබඩාවේ තැන්පත් කර ඇතැයි ලියනගේ මහත්මිය වැඩිදුරටත් කීවාය.
මහා භාණ්ඩාගාරයෙන් ප්‍රමාණවත් මුදල් ලබා නොදීම හේතුවෙන් මැතිවරණයට අදාළ සෙසු මුද්‍රණ කටයුතු තාවකාලිකව නතර කිරීමට රජයේ මුද්‍රණාලය පසුගියදා තීරණය කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මුද්‍රණ සේවකයන්ට කෝටි පහක් ගෙවා නෑ
මැක්ස් Wednesday, 12 April 2023 06:12 PM
තමන්ගෙ රස්සාව කළාට මොකටද මේ අයට අමතර ගෙවීම් කරන්නෙ?
Gampaha Kumasaru Wednesday, 12 April 2023 07:59 PM
වසා දැමිය යුතු ආයතනයකි..
නිමේෂ් Wednesday, 12 April 2023 09:36 PM
අහන්න අර මැතිවරණ වලට බය කලිසමාගෙන්, මිනිහගේ ඔය වැඩකට නැති එක හෙලිකොප්ටර් ගමනක් නවත්තුවා නම් ඔය අසරණ මිනිසුන්ගේ මුදල් ගෙවලා දාන්න පුළුවන්...
Demuni Uduwara Thursday, 13 April 2023 03:48 AM
Your behaviour towards LG election was not ethical; repercussions will be imminent !
nanda Thursday, 13 April 2023 09:45 AM
ඡන්දෙ තියන්න යන මුදලට වඩා ඡන්දෙ නොතියන්න මුදල් වැය වුණාට කමක් නෑ වගේ.
ravi Thursday, 13 April 2023 01:27 PM
So one employee gets 250,000.00 on allowances and O. T. This is just for this election on average