IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මදුරෝට තෙවැනි වරටත් ජනවරමක්

වෙනිසියුලා ජනාධිපතිවරණය පැවැත්වුණු අතර, ජනාධිපති නිකලස් මදුරෝට තෙවැනි වරටත් ජන වරමක් හිමිවිය. 

ඒ, ඊයේ (28) පැවැති ජනාධිපතිවරණයෙන් මදුරෝ සහ ඔහුගේ එක්සත් සමාජවාදී පක්ෂය සියයට 50 කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමත් සමඟය.

නිකලස් මදුරෝ යනු, වෙනිසියුලානු අසහාය නායක හියුගෝ චාවේස්ගේ අනුප්‍රාප්තිකයාය. මදුරෝ, මීට වසර 11 කට පෙර, වෙනිසියුලාවේප ජනපති ධුරයට පත්වූයේ චාවේස්ගේ අභාවයෙන් පසු පැවැති ජනාධිපතිවරණයෙනි. 

මදුරෝට අභයෝග කිරීමට විපක්ෂ නායක එඩ්මුන්ඩෝ ගොන්සාලේස් උරුටියා උත්සාහ ගත් නමුත් සියයට 44 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. විපක්ෂ නායක එඩ්මුන්ඩෝ, ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ වෙනිසියුලා විපක්ෂ දේශපාලන කණ්ඩායම් හවුල් කර ගනිමින් පිහිටුවූ සන්ධානයෙනි.

දශක ගණනක් තිස්සේ වෙනිසියුලාව ආර්ථික වශයෙන් අර්බුදයකට මුහුණ පා සිටී. ඇමෙරිකාව ද වෙනිසියුලායට සම්බාධක රැසක් පනවා ඇති අතර, ආර්ථික අර්බුදය උත්සන්න කිරීමට එය හේතුවක් බව පැවැසෙයි.

මේ වනවිට මිලියන 7 කට වැඩි වෙනිසියුලානුවන් පිරිසක් රට හැර ගොස් තිබේ. මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කීරීමට මිලියන 21 ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියහ.

(ඒ.එෆ්.පී.)



අදහස් (4)

මදුරෝට තෙවැනි වරටත් ජනවරමක්

ලුම්බිණි Monday, 29 July 2024 11:53 AM

තමන්ට ඕන විදියට චන්ද ගණන් කර ගත්තම කොහොමත් දිනුම්.

:       6       9

සත්‍යා Monday, 29 July 2024 12:18 PM

මදුරෝගේ බලයට පත්වීම විසින් පෙන්නුම් කරන්නේ ඉදිරි ජනපතිවරණයෙන් ඒ හා සමාන ප්‍රතිපත්ති ඇති අනුර දිසානායක දිනන බවකි. එසේම ආර්ජන්ටිනාවට මෙන්ම ඉන්පසු ශ්‍රී ලංකාවට ද එළඹෙන්නේ ආර්ථික අවපාත කාලයකි.

:       18       6

fairoos Monday, 29 July 2024 02:10 PM

අනේ සත්‍ය මෙච්චරකල් රට කරපු අයගේ ප්‍රතිපත්ති නියමයි නේද ?මෙහෙමත් වහල්ලු ඉන්නවානේ තවත්

:       1       7

සොරිසේන Monday, 29 July 2024 02:15 PM

සත්‍යාගේ මිථ්‍යා!

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 17877 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10690 30

රනිල් අත්අඩංගුවට ගනියි
2025 අගෝස්තු මස 22 10609 45

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 151 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 47 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site